May 08, 2024

මාස 6ක බිළිඳා සහ පවුලේ සාමාජිකයන් කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකු සියදිවි නසා ගනී (VIDEO)

ඊයේ (30) දහවල් 1.35 ට පමණ බිංගිරිය පොලිස් වසමේ ඉහළ කඩිගමුව, ප්‍රදේශයේ නිවසක ස්වාමි පුරුෂයා විසින් තම බිරිඳට, බිරිඳගේ මවට, පියාට හා ඔහුගේ කුඩා පිරිමි දරුවාට ආයුධයකින් කපා කොටා බරපතළ තුවාල සිදු කර ඔහු ද නිවස ඉදිරිපිට සියදිවි හානි කර ගෙන ඇත.

බරපතළ තුවාල ලැබු පුද්ගලයින් කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස 6 ක් වු කුඩා පිරිමි දරුවා මිය ගොස් තිබේ.

වයස අවුරුදු 24 ක් වු බිරිඳ වයස අවුරුදු 42 ක් වු මව හා වයස අවුරුදු 62 ක් වු පියා බරපතළ තත්ත්වයෙන් කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම අපරාධය සිදුකළ පුද්ගලයා මාස 3ක පමණ කාලයක් නිවසින් බැහැරව සිට නැවත නිවසට පැමිණ මෙම අපරාධය සිදු කර ඔහුද අපරාධයෙන් පසුව එම ස්ථානයේ දීම සියදිවි හානි කර ගෙන තිබේ.

මරණකරුගේ මුහුණ ප්‍රදේශය හා හිස ප්‍රදේශය හඳුනාගත නොහැකි වන අයුරින් දැඩි ලෙස හානි වී ඇති බව ද පොලීසිය පවසයි.

මොහු හක්ක පටස් වැනි පුපුරණ ද්‍රව්‍යයක් උපයෝගී කර ගෙන මෙසේ සියදිවි නසා ගැනීමට ඇති බවට පොලීසිය සැක කරයි.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නොමැති අතර‍, බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)