April 26, 2024

මුලතිව් ඈත මුහුදේ හදුණාගත නොහැකි අභිරහස් නෞකාවක්

මුලතිව් ඈත මුහුදේ හදුනා ගත නොහැකි අභිරහස් නෞකාවක් ඇති  බවට මුලතිව් ධීවරයින් පිරිසක් ධීවර අධ්‍යක්ෂක කාර්යාලයට ප්‍රකාශ කොට තිබේ.

ධීවරයින් පවසා ඇත්තේ මුලතිව් මුහුදට විශාල දුරක් ඈතින් මේ නැව දිස්වන බවයි.

මීට පෙර එම මුහුදු කලාපයෙන් එවැනි නැවක් දැකගන්නට නොලැබුණු බවද මුලතිව් ධීවරයෝ ප්‍රකාශ කොට ඇත.

මේ වන විට මෙම නැව පිළිබදව මුලතිව් පළාතේ නාවික හමුදා නිලධාරීන්ටද ධීවර පරීක්ෂක කාර්යාලය විසින් දැණුම් දී තිබේ.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)