April 26, 2024

අශෝභන ලෙස යතුරුපැදිවලින් හා ත්‍රිරෝද රථ වලින් වන්දනාවේ ගිය බැතිමතුන්ට පොලිසියෙන් අපූරු පාඩමක් (PHOTOS)

යතුරුපැදිවලින් සහ ත්‍රිරෝද රථවලින් වෙසක් පුන් පොහෝ දින හා පසු දිනවල වන්දනාවේ යන බැතිමතුන්ට ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මහපාරේ සිටම දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ දිනවල ගලේවෙල පොලිස් ස්ථානය ඉදිරිපිට දී සිදුකෙරුණා.

වන්දනාවේ යන මෙම බැතිමතුන් මාර්ග නීති උල්ලංඝනය කරමින් ඉතා අශෝභන ආකාරයෙන් මාර්ගයේ ගමන් කරන බවත් එමෙන්ම හිස් වැසුම් නොමැතිව මෙන්ම විදුලි පහන් දල්වාගෙන පරිසරයට ශබ්ද දූෂණය එකතුකරමින් ගමන් කරමින් සිටින මෙම පිරිස නවතා ඔවුන්ට ජීවිතය පිළිබඳව ඇති අවබෝධතාවය සහ මිනිස් ජීවිතයක වටිනාකම කියාදීමට ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතා ක්‍රියා කළේය.

ගලේවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ රථවාහන අංශයේ නිලධාරීහු ගලේවෙල පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ මෙසේ නීති විරෝධී අන්දමින් ‍ මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි නිරීක්ෂණය කොට ඒවා පොලීසිය ඉදිරිපිටම නවතා රියදුරන්ට සහ පිටුපස හසුන්වල වාඩි වී යන බැතිමතුන්ට මේ බව පහදා දීම විශේෂත්වයකි.

මාර්ග නීති පිළිබඳව සහ මිනිස් ජීවිතයේ වටිනාකම පිළිබඳව ලියැවුණු පත්‍රිකාවක්ද මෙම සියලු දෙනාටම ලබා දී එම පත්‍රිකාව ද කියවා නැවත ගමන් බිමන් යෑම සඳහා අවස්ථාව උදාකර දීමට පොලිස් ස්ථානාධිපතිවරයා ක්‍රියා කළේය.

වෙසක් පුන් පොහෝ දින සහ පසුදින මෙන්ම හා පෙරදින ද දිනපතාම මෙම ක්‍රියාවලිය සිදුකරනු ලැබූ බව පොලිසිය කියයි.

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගතවූ මාසයේ ගතවූ මාස හතරක රියඅනතුරුවලින් පුද්ගලයන් දොළොස් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලැබූ බවද පොලිස් ස්ථානාධිපතිවරයා තුරු පැදි හා ත්‍රීරෝද රථ රියදුරන්ට දැනුම්දුන්නේය. එමෙන්ම හෙට දවස රට භාර ගැනීමට ඉන්න තරුණයන් මෙයාකාරයෙන් මහමග මියැදෙන්නට ඉඩ නොදී ජීවිත ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීම බව ද පොලිස් ස්ථානාධිපතිවරයා රියදුරන්ට දැනුවත් කළේය.

ප්‍රධාන මාර්ගය ඉදිරිපිට යතුරු පැදි හා ත්‍රීරෝද රථ කොටසින් කොටස නවතා මාර්ගය අසලට පුටුවක් රැගෙන විත් පුටුව උඩට නැග ස්ථානාධිපතිවරයා මෙම විශාල ජනතාව ඇමතීම විශේෂත්වයකි.

පොලිසිය රාජකාරියෙහි යෙදී සිටින්නේ රියදුරන්ට නඩු දැමීමට නො ව රිය අනතුරු අවම කරමින් ජීවිත ආරක්ෂා කිරීමට බවද හෙතෙම රියදුරන්ට පෙන්වා දුන්නේය.

වන්දනාවේ පැමිණි බොහෝ ත්‍රිරෝද රථවල සහ යතුරුපැදිවල ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යන ආකාරය ද පොලිසියේ නිරීක්ෂණයට ක් වූහ. ඇතැම් යතුරුපැදි වල පැදිකරු සහ තවත් හතර දෙනෙකු ගමන් කරන අයුරුද පොලිසිය නිරීක්ෂණය කිරීම විශේෂත්වයකි. ඇතැම් ත්‍රිරෝද රථවල මගින් දහයකටත් වඩා අධික පිරිසක් ගමන් කරමින් තිබූ බව ද පොලීසිය කියයි. එකම පවුලේ පිරිස් මේ ආකාරයෙන් ගමන් කිරිදි හදිසි අනතුරක් සිදුවූ විට මුළු පවුලම විනාශ වන බවද පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන්ට අවවාද කළේය.

DSC06982

DSC06978

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 May 2018 09:23