April 27, 2024

සුනඛ මවගෙන් කිරි බොන පූසා

මුලතිව් නගර මධ්‍යයේ පැටවුන් සිටින සුනඛ අම්මෙකුගෙන් දෛනිකව කිරි බොන පූසෙකු සිටින බවට මුලතිව් වැසියන් කියා සිටිති.

සුනඛ මව විසින් සුනඛ පැටවුන්ට කිරී දී අවසන් වූ පසු අසල සිටින පූසෙකුටද තම කිරි මහත් ස්නේහයකින් යුතුව ලබා දෙන බවටද පූසා විසින් සුනඛ මවගෙන් බඩ පිරෙන තුරු කිරි බොන බවටද මුලතිව් වැසියන් කියා සිටියහ.

මෙම සුනඛ මව හා පූසා සුනඛ මවට පැටවුන් ලැබුනු පසු මිතුරු වී ඇති අතරම පූසාද සුනඛ මවගේ පැටවුන්ට හානියක් නොකොට ආදරයෙන් සිටින බවටද මුලතිව් වැසියන් කියා සිටිති.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)