April 26, 2024

මුලතිව් කෝවිලක පූජාවකට තැබූ කිරි බඳුනේ නාගයෙක් (PHOTOS)

මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ පූජාව පැවැත්වීමට සූදානම් කල කළය තුලට විශාල නාගයෙකු පැමිණ පූජාව සදහා තබා තිබූ කිරි බදුනද පානය කොට තිබේ.

විශාල නාගයා කෝවිලේ පූජාව සූදානම් කල ස්ථානයට පැමිණීමත් සමගම රැස්ව සිටි පිරිස නාගයාට බිය වී පලා ගොස් තිබේ.

කෝවිලේ පූසාරිවරුන් හා තවත් කීප දෙනෙකු සිදුවන්නට යන දේ පිළිබදව දුර සිට බලා සිටිද්දී බදුනෙන් කිරි පානය කල නාගයා මුට්ටිය තුළට රිංගා ගෙන තිබේ.

පැය භාගයකට පමණ පසුව නාගයා මුට්ටියෙන් ඉවතට පැමිණ කැලයට ඇදී ගොස් තිබේ.

බදුනේ කිරි නාගයා පානය කිරීමත්,පූජාවට පැමිණි පිරිස නාගයාට බියෙන් පලා යාමත් නිසා කෝවිලේ පූසාරිවරුන්ට අලුතින් කිරි සපයා ගෙන කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව පූජාව තබා තිබේ.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)