April 26, 2024

ඇමැති මංගල උත්සවයකට ආ තරුණියකගේ සාරි පොටක් අල්ලා බලයි (PHOTOS)

කිළිනොච්චියේ සමුපකාර සමිති විසින් ආර්ථික උත්පාදන ක්‍රියාවලිය සදහා අළුතින් ආරම්භ කොට ඇති විවිධ ව්‍යාපෘති පිළිබදව මුදල් අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයා දැඩි ලෙස සතුටට පත් වූයේ ඔහු පසුගියදා කිළිනොච්චිය පළාතේ සංචාරය කල අවස්ථාවේදීය.

සමූපකාර සමීති මගින් ආරම්භ කොට ඇති වෙළෙද සැල්, ආහාර නිෂ්පාදනය කෙරෙන අලෙවි සැල් ඇතුළු ආර්ථික උත්පාදන මධ්‍යස්ථාන කීපයක් නැරඹීමට ගිය මංගල සමරවීර මහතාට කිළිනොච්චියේම තරුණියන් විසින් නිෂ්පාදනය කරණු ලබන අත්යන්ත්‍ර රෙදි පිළි මධ්‍යස්ථානයකටද යාමේ අවස්ථාව උදා විය.

මංගල සමරවීර අමාත්‍යවරයා පිළිගැනීමට ඉදිරිපත් වී සිටි කිළිනොච්චියේ කාන්තාවන් සියළුම දෙනාම පාහේ තම සමුපකාර සමීතියේ අත්යන්ත්‍ර රෙදිපිළි මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරණ ඉතා අලංකාර වූ සාරි වලින් සැරසී සිටියහ.

සාරි වල අලංකාරය දුටු අමාත්‍යවරයාට එක් සාරියක පොටක් අතට ගෙන අලංකාරය සොයා බැලූහ.

කිළිනොච්චියේ වයෝවෘද්ධ පිරිස් පවා සමුපකාර සමීතිවල සුපිරි වෙළෙද සැල් වෙත පැමිණීමට හුරුව තිබීමද අමාත්‍යවරයාගේ සතුටට හේතු විණි.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)