April 27, 2024

යොවුන් පුරය 28 ඇරඹේ (PHOTOS)

ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරන යොවුන් පුරය 2018 මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතය. මෙවර යොවුන් පුරය වැඩසටහන සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් තරුණ තරුණියන් සභාභාගී වේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි තරුණ තරුණියන් රැසක්  නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රයේ මේ දිනවල රැඳී සිටින අතර  ඔවුන් මාර්තු මස 28 වන දින ආරම්භ වන යොවුන් පුරය සඳහා අවශ්‍ය පහසුකම් සැකසීම ආරම්භ කර ඇති බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා සඳහන් කළේය.

යොවුන් පුරය සඳහා පැමිණීමට නියමිත තරුණ තරුණියන් 7000කට අධික පිරිසක් සඳහා පහසුකම් සැකසීම ඔවුන් වෙතින් සිදුවේ.

Rate this item
(0 votes)