April 27, 2024

මුරුතානම්ගේ අපූරු සමාජ සත්කාරය

මේ දිනවල යාපනයේ පොදු වෙළෙද සැල ඉදිරිපිට පිහිටුවා ඇති කසල එකතු කරණ මධ්‍යස්ථානය අසලට පැමිණ සිටින තරුණයෙකු ස්වේච්ඡාවෙන් කසල කලමනාකරණය කරණ අන්දම දැකගත හැකි වෙයි.

යාපනය මහනගර සභාව විසින් සපයා ඇති විශාල ප්‍රමාණයේ කසල බදුන් වලට ඒ ඒ වර්ගයේ කසල වෙන් වෙන් වශයෙන් දැමිය යුතු නමුත් හදිසියේ පැමිණෙන ජනතාව කසල බදුනේ කුමන හෝ ස්ථානයකට කසල දමා යන්නට පටන් ගෙන තිබේ.

එහෙත් මේ දිනවල කසල බදුන අසලට පැමිණ සිටින සියළුම දෙනා “මුරුතානම්” නමින් හදුන්වන පුද්ගලයා කිසිවෙකුටත් ඉවක් බවක් නොමැතිව කසල බැහැර කිරීමට ඉඩ නොතබයි.

ජනතාව විසින් රැගෙන එනු ලබන විවිධ වර්ගයේ කසල ඒ ඒ ස්ථාන වලට දැමීමට “මුරුතානම්” උදව් කරණ අතර එසේ නොකරණ උදවියගේ කසල මහපාරේ බිමට හලා “මුරුතානම්” විසින්ම ඒවා දැමිය යුතු නියම ස්ථාන වලට දමනු ලබයි.

මේ තරුණයාගේ නම කුමක්දැයි කිසිවෙකුත් නොදන්නා අතර නම විමසූ සැණින් ඔහු පිළිතුරු දෙන්නේ “මුරුතානම්” යනුවෙන් නිසා යාපනයේ සියළුමදෙනා ඔහුව හදුන්වන්නේ ඒ නමිනි.

ඔහු මේ කරණ සේවාව අගයන යාපනයේ ජනතාව ඔහුට ආහාර පාන වලින් සංග්‍රහ කරණ අතර මුදල් ආධාර ලබා දෙන පිරිස්ද දැකිය හැකිය.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)