April 26, 2024

යාපනය රාත්‍රී දුම්රිය අපායක් (PHOTOS)

කොළඹ සිට යාපනය බලා ගමන් ගන්නා රාත්‍රී තැපැල් දුම්රියෙහි වෙන්කළ ආසන පිහිටි නිදන මැදිරි අංගනය ඉතා අබලන් තත්ත්වයක පවතින බව දක්නට ලැබෙන අතර එහි ඇති වැසිකිලි පද්ධතිය ද කිසිදු පිරිසිදු කමක් නොමැති අතර වැසිකිලි භාවිත කරන අවස්ථාවේදී ඒවා මැදිරි පුරා විහිදී යන ආකාරය දැක ගන්නට ලැබී ඇත.

රුපියල් 500ක් ගෙවා ආසනයක් වෙන් කර ගන්නේ නිදහසේ ගමන් කිරීමට වුවද නමුත් සිදු වන්නේ අප්‍රසන්න වටපිටාවක කාලය ගත කිරීමටයි.

තවද මගියෙකුට දුම්රියේ තමන් වෙන් කළ ආසනය සොයා ගැනීමට නොහැකි ලෙස තැනින් තැන පින්සල් වලින් කුරුටු ගා ලියා දුම්රිය මැදිරි නම් කිරීම මඟින් වියපත් වූවන් දැඩි අපහසුතාවයකට මුහුණ දෙනු ඇත.

2010 වසරේ සිට උතුරු පළාත සංවර්ධනය සඳහා විවිධ තේමා පාඨ ඉදිරිපත් කරමින් වැඩසටහන් ආරම්භ කලද යාපනය රාත්‍රී තැපැල් දුම්රියේ සිදුවන මේ ක්‍රියාව නවතාලීමට හැකියාවක් ලැබී නැත.

මේ සඳහා නිලධාරීන්ගේ අවධානය යොමු වෙතැයි එම  දුම්රියේ ගමන් කරන මගීන් අපේක්ෂා කරති.

Rate this item
(0 votes)