April 27, 2024

අන්තර්ජාල වේගය අඩු වුන ඇත්ත හේතුව මෙන්න

ප්‍රදේශ කිහිපයක අන්තර්ජාල වේගය අඩුවීම සම්බන්ධයෙන් මේ වන විට වාර්තා වේ.

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් කළ විමසීමක දී ඔවුන් කියා ඇත්තේ මහනුවර ප්‍රදේශයට අන්තර්ජාලයට පිවිසීමේ වේගය සීමා කර ඇති බවයි.

එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ මහනුවර ප්‍රදේශයේ ඇතිවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාදක කර ගෙන සමාජජාල මඟින් සහ වෙබ් අඩවි තුළින් බොරු ප්‍රචාර පතුරුවන පුද්ගලයින් හඳුනා ගැනීමට මෙය සිදු කළ බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම කර ඇති බව ද විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පවසයි.

කෙසේ හෝ අද දිනය ඇතුළත මෙය සාමාන්‍ය තත්ත්වයට පත් කරන බවද විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Rate this item
(0 votes)