April 26, 2024

දියතලාවේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීම මෙන්න (VIDEO)

February 21, 2018

බණ්ඩාරවෙල, කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ඇතිවූ ගින්නකින් තුවාල ලැබූ සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව යුද හමුදා සෙබලුන් 7 දෙනෙකු  සහ ගුවන් හමුදා සෙබලුන් 5 දෙනෙකු  සහ සමාන්‍ය පුද්ගලයින් 7 දෙනෙකුද තුවාල ලබා ඇති බව යුද හමුද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කහගොල්ල දෙසට ධාවනය වෙමින් පැවති බස් රථයක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේය.

අද අළුයම 5.30ට පමණ මෙය සිදුවී ඇති අතර තුවාල ලැබූ පිරිස් දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.

ගිනිගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එම වීඩියෝව පහතින්,

 

Rate this item
(0 votes)