April 26, 2024

PET SCAN යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලට

February 07, 2018

මහරගම පිළිකා රෝහලට පැමි‍ණෙන රෝගීන් සුවපත් කිරීම සඳහා අවශ්‍යව තිබු  PET SCAN යන්ත්‍රය මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ ඒ වෙනුවෙන් ඉදි කෙරැණු ගොඩනැගිල්ලේ සවි කරමින් තිබේ.

මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැතිවීම  සම්බන්ධව අනාවරණය වීමෙහි ප්‍රතිඵලයක් ලෙස මාස 06 ක් වැනි කෙටි කාලයක් ඇතුළත පෙට්ස් කෑන්  යන්ත්‍රය මිලදී ගනු ලැබිණි.

තවත්  දින කිහිපයකින්  යන්ත්‍රයේ සවි කිරීම් අවසන් වූ වහාම එය ජීවිත අපේක්ෂාවෙන් පෙළෙන සුවහසක් රෝගීන්ගේ හෙට දවස වෙනුවෙන් කැප කිරීමට අපේක්ෂා කෙරේ.

 

Rate this item
(0 votes)