April 26, 2024

බෝපිටියෙන් නැවක් මතුවේ (PHOTOS)

February 01, 2018

රොඞ්නි වර්ණකුලගේ ‘සාරංගා නැවෙන් ඇවිත්’ වේදිකා නාට්‍යය වසර 8කට පසුව නැවතත් යාත‍්‍රා කිරීමට සියලූ කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතියි.

2003 වර්ෂයේ ආරම්භ වූ ‘සාරංගා නැවෙන් ඇවිත්’ වේදිකා නාට්‍යය 2010 වර්ෂයේදී අහඹු ලෙස නතර වන්නේ එහි රංගන ශිල්පියෙකු වූ ඇන්ටන් ජූඞ් මහතාගේ අභාවයත් සමගිනි. කලක් නිහඩව සිටි කපිතාන්තුමා සහ සේලරුවන් කණ්ඩායම නැවතත් ‘සාරංගා නැවෙන් ඇවිත්’ වේදිකා නාට්‍යය ලොව පුරා යාත‍්‍රා කිරීමට සූදානම් වෙමින් සිටිති.

‘සාරංගා නැවෙන් ඇවිත්’ වේදිකා නාට්‍යයයේ දෙවන නිෂ්පාදනයේ මුහුරත් උළෙල නාට්‍යයේ සියලූම රංගන ශිල්පීන්ගේ සහභාගිත්ත්වයෙන් කොළඹ 07 සුදර්ශි ශාලාවේදී පැවැත්විණි.

මෙහි රොඞ්නි වර්ණකුල, ආනන්ද අතුකෝරල, මිහිර සිරිතිලක, ජීවන් හදුන්නෙත්ති, කුමාර ලියනගේ, වජිර කොඩිතුවක්කු, ඉන්දික රාමනායක, තරංගා කුමාරි, සුජානි නිසංකා රංගනයෙන් දායකත්ත්වය ලබා දෙන අතර අශෝක ජයසිංහ මහතා වේදිකා පරිපාලනය සහ පසුතල නිර්මාණයෙන් දායක වෙයි.

රංජිත් බාලසූරිය මහතාගේ සංගීත අධ්‍යක්‍ෂණයෙන්, ගාමිණී හේමචන්ද්‍ර මහතාගේ ආලෝක පරිපාලනයෙන් සහ බුද්ධික පේ‍්‍රමරත්න මහතාගේ ශබ්ද පරිපාලනයෙන් ‘සාරංගා නැවෙන් ඇවිත්’ වේදිකා නාට්‍යය ලොව සිසාරා යාත‍්‍රා කිරීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 February 2018 13:00