April 27, 2024

දුර දිග ගිය පවුල් ආරවුල නිසා බිරිඳ මරුදකී - සැමියා පොලීසියට භාර වෙයි (VIDEO)

අඹුසැමි යුවලක් අතර පෙරේදා රාත්‍රී සිදු වූ බහින් බස්වීමෙන් පසුව තම බිරිද මරා සැමියා ඌරුබොක්ක පොලීසියට භාරවී ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ මාතර මිල්ලගහහේන බෙරපනාතර පදිංචි අවුරුදු 27 හැවිරිදි බානගලගේ එරංගා සදමාලි යන එක් දරු මවකි.

මෙම සිදුවීම 19 රාත්‍රී 7.30 ට පමණ සිදුව ඇති බව වාර්තා වේ. කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් මෙම දෙදෙනා බහින් බස් වී ඇති අතර පසුව සැමියා විසින් රයිස් කුකරයක විදුලිය සම්බන්ධ කරන වයරකින් බිරිදගේ ගෙල සිරකර, රෙදි මදින විදුලි ස්ත්‍රික්කයකින් රහසග ප්‍රදේශය පුලුස්සා ඇත.

පසුව මරණය සිදු කලේ යයි සැක කරන සැමියා තම දියණිය බෙරලපනාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන තම නැගණියගේ සැමියාට බාරදී ඇත. සැකකරු ඌරුබොක්ක පොලීසියට බාර වී ඇත.

මේ සම්බන්ධයෙන් මාතර ස්ථානීය අපරාධ පරික්ෂණ නිළධාරීන් පැමිණ පරික්ෂණ සිදු කල අතර මොරවක වැඩබලන මහේස්ත්‍රාත් අජිත් පී අබේසේකර මහතා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කරන ලදී. පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සදහා මෘත ශරීරය මාතර මහ රෝහල කරා ගෙන යන ලදී.

මෙම දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇතිවී ඇති අතර මෙම මරණය සිදුවන අවස්ථාවේ දී වයස 07ක් වන දියණියද එම ස්ථානයේ සිට ඇත. සැකකරු ජනවාරි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

(ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක)

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(1 Vote)