April 27, 2024

බහින් බස් වීමක් දුරදිග ගොස් අවුරුදු 4ක දැරියගේ ගෙල කැපී මිය යයි

යාපනය පොතුවිල් මන්සන්ධියේදී මව හා පුතා අතර පිහියක් සමග ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් වයස අවුරුදු 4 ක දැරියක් මිය ගොස් ඇති අතර දැරියගේ මිය යාමෙන් සිත්තැවුලට පත් දැරියගේ ලොකු තාත්තා විසින් වස පානය කොට සිය දිවි හානි කරගෙන ඇති අතරම තරුණු කැපුම් තුවාල සහිතව මවද යාපනය මහරෝහලට ඇතුලත් කොට ඇතයි යාපනය කෝපායි පොලීසිය කියා සිටියේය.

අවුරුදු 4 වයසැති දැරිය ඇයගේ ආච්චි සමග නිවසේ සිටින අවස්ථාවේදී ආච්චිගේ පුතෙකු නිවසට පැමිණ මව සහ පුතා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුතා විසින් පිහියකින් මවට පහරදෙන අවස්ථාවේදී ඊට දැරිය මැදිහත් වී ඇති අතර අදාල පිහි පහරවලින් පළමුව මවට දරුණු කැපුම් තුවාල සිදුවන අතරම පසුව මැදහත් වූ දැරියගේ බෙල්ල ප්‍රදේශශයෙන්ද කැපී ඇත.

කැපුම් තුවාල සහිතව ඇද වැටෙන දැරිය එම අවස්ථාවේදීම යාපනය මහ රෝහලට රැගෙන ආවද ඒ වන විටත් දැරිය මිය යාම හේතුවෙන් ඉන් සිත් තැවුලට පත් දැරියගේ ලොකු තාත්තා වස පානය කොට සියදිවි හානි කොට ගෙන ඇති අතරම පුතාගේ පිහි පහරින් තරුණ කැපුම් තුවාල සහිතව මව යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

මෙහිදී මිය ගොස් ඇත්තේ සිව් හැවිරිදි ධනූෂණ් ඩිලක්ෂණී හා සියදිවි හානි කරගත් ලොකු තාත්තා ගුණරත්නම් ඩැනීෂ්වරන් හා කැපුම් තුවාල සහිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ගුණරත්නම් පරමේෂ්වරී යන අය වන අතර යාපනය කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කොට ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Friday, 19 January 2018 16:25