April 26, 2024

මුහුණට පොහොර උරයක් දමා නිවස අසල මියගොස් සිටි පුද්ගලයාගේ මරණය අභිරහසක් (VIDEO)

November 01, 2017

බණ්ඩාරගම වීදාගම දෙල්ගස ප්‍රදේශයේ විදුලි පහන් කණුවක් අසල අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 33ක් වන චින්තක මහේෂ් උදයරත්න නමැති දෙදරු පියෙකි.

එම පුද්ගලයා පෙරේදා (30) රාත්‍රියේ බිරිය සහ දරුවන් සමග ගැලනිගම වෙසෙන සිය නැගනියගේ නිවසට ගොස් ඇති අතර එදින රාත්‍රියේ ඔවුන් එහි නැවතී තිබේ.

පසුදා උදෑසන අසල්වැසි නිවසක කාන්තාවක් ලයිට් කණුවක් යට මිනිසකු වැටී සිටින බවත් ඔහුගේ මුහුණ වැසෙන පරිදි පොහොර උරයක් දමා ඇති බවත් මිය ගිය අයගේ බිරිඳට පවසා ඇත.

එම ස්ථානයට ගිය මිය ගිය පුද්ගලයාගේ බිරිඳ මිය ගොස් සිටින්නේ සිය සැමියා බව හඳුනා ගෙන ඒ බව පොලීසියට දන්වා ඇත.

පොලිසිය පැමිණ එම ස්ථානය පරීක්ෂා කිරීමේ දී මියගිය අය වැටී සිටි ස්ථානයේ තිබුණු විදුලි පහන් කනුවේ ස්විචය ගැල වී කණුවෙන් වෙන් වී තිබූ බව පොලීසිය සඳහන් කරයි.

මෙම මරණය සැක සහිත බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට දේහය යොමු කර තිබේ.මේ පිළිබඳ බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Rate this item
(0 votes)