April 27, 2024

කොණ්ඩෙන් ඇඳගෙන ගොස් දණ ගස්වා සිසුන් පස්දෙනෙකුට විදුහල්පතිවරයෙකු දරුණු ලෙස පහර දෙයි (VIDEO)

දෙනියාය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයාට අපහාසාත්මක ලෙස ආමන්ත්‍රණය කළ බව පවසමින් විදුහල්පතිවරයා තමන්ට පහරදුන් බවට සිසුන් පිරිසක් පවසයි.

දරුවන් මේ වන විට ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලේ විශේෂ ඒකකයක් වෙත යොමු කර ඇත.

දෙනියාය මධ්‍ය විද්‍යාලයේ සිසුවියන් 04 දෙනෙකු සහ සිසුවෙකු මෙලෙස විදුහල්පතිවරයාගේ පහර කෑමට ලක්වූ බව කියන සිද්ධිය වාර්තා වන්නේ පසුගිය 17 වැනිදාය.

ඒ පාසල් බස් රථයෙන් ගමන් කරමින් සිටියදී විදුහල්පතිවරයාට අපහාස වන ලෙස අමත්රණය කළ බවට එම පාසලේම ගුරුවරියක විසින් විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 October 2017 11:44