May 08, 2024

ඉහළ මහලෙන් පය ලිස්සා වැටුණු පුද්ගලයෙකුගේ කට පසාරු කරගෙන කම්බි කූරක් ගිහින් - හෝමාගම රෝහලේදී කළ විශ්මිත සැත්කම මෙන්න (VIDEO)

හෝමාගම ජල්තර ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු අඩක් නිම කරමින් පැවති එම නිවසේ ඉහළ මාලයට ගොස් ඇති මොහු පය ලිස්සා ඇඳ වැටී තිබුණේ අඩක් නිමකළ කොන්ක්‍රීට් කණුවක කම්බි මතටයි.

ඔහු මේ අනතුරට මුහුණ පා ඇත්තේ තම ඥාතියෙකුගේ නිවසට පැමිණි අවස්ථාවේදීය.

අනතුරින් එක් කම්බියක් මෙම පුද්ගලයාගේ යටි හනුව පසාරු කර ගෙන මුඛයෙන් පිටතට පැමිණ තිබුණේ දත් කිහිපයකට ද හානි කරමිනි.

ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එම කම්බි කූර කපා අනතුරට ලක් වූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.

පැය කිහිපයක ශල්‍ය කර්මයකින් පසු එම යකඩ කූර ඉවත් කර ඇති අතර ඔහු මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.රෝහල් බලධාරියෙකු පවසා ඇත්තේ මෙම පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවූවත් ආශ්වාස ප්‍රශ්වාස කිරීමට අපහසු හෙයින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 October 2017 13:27