May 02, 2024

පියාගේ ගිනි අවියෙන් වෙඩි තබා ගත් සිසුවාගේ මරණයට හේතුව හෙළි වේ

ඊයේ (10) පෝද්දල, වටරැක ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු බෝර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇත්තේ නිවස පිහිටා ඇති ගෙවත්තේය.

සිය පියාට අයත් ගිනි අවියකින් මෙලෙස වෙඩි තබාගෙන ඇති බව සඳහන්ය.මියගොස් ඇත්තේ 17 හැවිරිදි සිසුවෙකු බව පොලීසිය පවසයි.ගාල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ මොහු මේ වසරේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත.

මෙම මියගිය දරුවාගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර  මව ගුරුවරියක් ලෙස සේවය කරනු ඇත.මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙසට නිවසින් එල්ල වූ බලපෑම් නිසා බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Rate this item
(0 votes)