April 26, 2024

වකුගඩු රෝගයෙන් මියගිය තම පියා වෙනුවෙන් වෛද්‍යවරියක් වීමට සිහින මවන පුංචි දියණියක්

බොහෝ දෙමවුපියන් දරුවන් 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵලයත් සමග ජනප්‍රිය පාසල් සොයන යුගයක රටටම ආදර්ශමත් වූ ගලේවෙල පුංචි දියණියගේ කතාව ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් පහල දිග්ගල ප්‍රාථමික විදුහලන් වාර්තා විය .

වසර 45 ක පාසලේ ඉතිහාසය ප්‍රථම වතාවට ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ඇය පහල දිග්ගල ගමේ පදිංචි දුලාංජලී මදුමාලි ප්‍රේමරත්න වෙයි.ඇයගේ ආදරණීය පියා මීට වසර කිහිපයකට ඉහත දී වකුගඩු රෝගය බරපතල ලෙස රෝගාතුරව සිට මියගොස් ඇත.

අම්මා විසින් මේ දියණියත් පුතත් ජිවත් කොට ඇත්තේ එකයි සත විසිපහ බැගින් කුලියට ගඩොල් කපමින්ය.තවමත් ඔවුන්ටම කියා නිවසක් ද නැත. කිරි අම්මාගේ නිවසේ පදිංචිව සිටීති.දහසක් අඩුපාඩු මැද්දේ දුලාංජලී කිසිදු උපකාරක පන්තියකට නොගොස් තම පන්ති භාර ගුරුතුමිය වන නීතා කුමාරි මහත්මියගේ ඉගැන්වීමෙන් සහ විදුහල්පති සෝමසිරි අත්තනවත්ත මහතාගේ උනන්දුව පමණක් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 168 සාමාර්ථයක් ලබා ගෙන ම විද්‍යාලයේ වසර 45 ක ඉතිහාසය ද අලුත් නමක් එක් කළාය.

දුලාංජලීගේ මව ගීතිකා ලක්මාලි කුලි මුදලට ගඩොල් කපන්න යන්නේ දුලාංජලී ත් 8 වසරේ ඉගෙන ගන්නා තමන්ගේ පුතාත් ගල්ගොඩේ වාඩි වී අම්මා ගඩොල් කපන තුරු මෙම දියණිය පාඩම් කරන්නේ ය.

අධ්‍යාපනය සඳහා අඩුපාඩු රැසක් පැවතියද ඒ සියල්ල විඳ දරා ගනිමින් මෙම ජයග්‍රණය ලැබීම විශේෂත්වයකි. කැඩී ගිය පාසල් බෑගය කැඩී ගිය මිරිවැඩි සගල අපගේ ඇස්වලට ද කදුළු දනවන්නකි. දුලාංජලීගේ එකම බලාපොරොත්තුව ෛද්‍යවරියක් වීමයි.ඒ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ය. තමන්ගේ පියා වකුගඩු රෝගයෙන් මිය යෑමත් සමඟ කම්පනයට පත් ඇය එම බලාපොරොත්තුව සිතෙහි ගල්වා ගෙන සිටීන්නිය.

එහෙත් දුලාංජලීගේ මව සඳහන් කළේ ඇයගේ බලාපොරොත්තුව සිහිනයක් පමණක් වන බවයි.නිවසක්වත් නොමැතිව කුලියට ගඩොල් කපා එම සිහිනය සැබෑ කිරීමට ඇයට හැකියාවක් නැති බව පැවසීය. දියණියගේ එම බලාපොරොත්තුව මල්ඵල ගන්වන්නට කාට හෝ උදව්වක් කරන්ට හැකියාව තිබේනම් එය උතුම් ක්‍රියාවක් යැයි සිතන්නෙමු.

( දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)