April 26, 2024

යාපනයේ යතුරුපැදි කල්ලියක් වෙළඳසැලක් කුඩු කරයි - ආවා කල්ලියේ වැඩක් දැයි සැකයක් (VIDEO)

යාපනය කොකුවිල් මන්සන්ධියේදී හඳුනා නොගත් යතුරුපැදි කණ්ඩායමක් විසින් 22 වනදා සවස වෙළඳසැලකට දැඩි අලාබහානි සිදු කොට ලා ගොස් ඇති බව යාපනය පොලීසිය කියා සිටියේය.

යතුරුපැදිවලින් පැමිණි තියුණු ආයුධ සහිත කල්ලියක් විසින් යාපනය කොකුවිල් ප‍්‍රදේශයේ වෙළෙඳ සැලකට පහර දී එහි තිබූ බඩු බාහිරාදිය සියල්ලක්ම විනාශ කොට පලා ගොස් ඇති බවත් පැමිණි පිරිස් මුහුණු ආවරණය කොට පැමිණි බවටත් වෙළඳසැල සිටි අසල්වැසියන් යාපනය පොලිසියට පවසා ඇත.

මෙසේ පැමිණි පිරිස අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අදාල වෙළෙඳ සැලට දැඩි හානි සිදු කළද අසල්වැසි කිසිවෙකුටත් හානියක් සිදු කොට නොමැති බවටද යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය කොක්කුවිල් ප‍්‍රදේශවාසීන් පැවසූවේ මෙම පහරදීම සිදු කළ කල්ලිය ආවා කල්ලියේ කඩු කල්ලියක් බවට තමන්ට සැක පල වන බවටත් අදාල වෙළඳසැලේ තිබූ පෞද්ගලික ආරවුලක් මත සිදු වූ සිදුවීමක්ද යන්න පිළිබඳවද සැකයක් මතුව ඇතැයි ප්‍රදේශවාසීන් යාපනය පොලීසියට පවසා ඇත.

අදාල සිදුවීම අසල පිහිටි සී.සී.ටී.වී. කැමරා වල සටහන්ව ඇත්දැයි යන්න පිළිබඳවද එම සැකකරුවන් හඳුනාගැනීම සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩි දුර පරික්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)