April 26, 2024

තරුණියකට "කෝල්" කළා යැයි මහ රෑ පැමිණි පිරිසක් සාමණේර හිමිවරුන්ට පහර දෙයි

September 27, 2017

සාමණේර භික්ෂූන් වහන්සේලා දෙනමකට පහරදුන් බව කියන පුද්ගලයන් පස්දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ගැමුණුපුර ශ්‍රී නිග්‍රෝධාරාමවාසී හිමිවරුන් දෙනමකි.

අසල්වැසි නිවසක තරුණියකට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ඇතිවූ වචන හුවමාරුවකින් පසු මෙම සාමණේර භික්ෂූන් දෙනම ප්‍රහාරයට ලක්වී ඇති බව පොලීසිය පවසයි.

එම හිමිවරුන් දෙපොල පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර උන්වහන්සේලාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Rate this item
(0 votes)