April 26, 2024

සුමති සම්මානලාභීන් මෙන්න (PHOTOS)

September 21, 2017

සුමති සම්මාන උළෙල ඊයේ (20) නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22 වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය.

පසුගිය වසරේ  රූපවාහිනී මාධ්‍යය ඔස්සේ සුවිශේෂී දක්ෂතා ප්‍රකට කළ කලාකරුවෝ සහ කලාකාරිනියෝ 60කට ආසන්න සංඛ්‍යාවක් එහිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

හොඳම නළුවා ලෙස සුමිත් රත්නායකත් හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්න යන අය සම්මානයට බදුන් විය.

කලාකරුවෙකුට හෝ කලාකාරියකට ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණයෙන් මෙවර ස්වර්ණා මල්ලවආරච්චි සහ නීටා ප්‍රනාන්දු පිදුම් ලැබීය.

ජනප්‍රිය නළුවා ලෙස  කාවිංග පෙරේරා  සහ ජනප්‍රිය නිළියට හිමි සම්මානය  නයනතාරා වික්‍රමාරච්චි විසින්  දිනා ගත්තේය.

නැගී එන නළුවාට ලෙස සජිත අනුත්තරට සහ නැගී එන නිළිය ලෙස ගයාත්‍රි රාජපක්ෂ සම්මාන දිනා ගත්තේය.

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 21 September 2017 14:55