April 27, 2024

රත්නපුර මහ ගංවතුරට පාලම ගැලවී යයි (VIDEO)

September 19, 2017

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අයගම - ඉඩම්ගොඩ ප්‍රධාන මාර්ගයට පිවිසෙන පාලම අබලන්වීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයට පත්ව තිබේ.

ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගැටළුවට කඩිනම් විසදුමක් ලබා දෙන ලෙසයි.

මාස 04කට ඉහතදී රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර හේතුවෙන් අයගම ඉඩම්ගොඩ ප්‍රධාන මාර්ගයට පිවිසෙන මෙම පාලමට හානි සිදුව තිබේ.

ගම්මානවල කොටුවී සිටි ජනතාවට සහන සැලසීම සඳහා ආරක්ෂක හමුදාව විසින් දැල් යොදා ගනිමින් පාලම පිළිසකර කලේ තාවකාලික විසදුමක් ලෙසයි.

මේ වනවිට එම දැල් දිරාපත්වී ඇති අතර ජනතාව චෝදනා කරන්නේ තමන් දැඩි ජිවිත අවදානමකට පත්ව ඇති බවටයි.

Rate this item
(0 votes)