April 26, 2024

සුනඛයෙකු සපා කෑමෙන් දින හතක් වයසැති බිළිඳෙකු අවාසනාවන්ත ලෙස මියයයි (PHOTOS)

September 19, 2017

දින හතක් වයසැති බිලින්දෙකු සුනකයෙකු සපා කෑමෙන් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් වාර්තාවේ.  දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ආසිරි ගම පොදු සුසාන භූමියේදි ඊයේ (18) පස්වරුවේ සිදු කෙරිණි .

අවාසනාවන්ත ලෙස මෙසේ මිය ගිය තිබුණේ කනිෂ්ක සදරුවන් නම් වූ දින 7ක් වයසැති කුඩා බිළිදෙකි.ඉතා දිළිඳු භාවයෙන් පෙළෙන මෙම පවුලේ අය ජීවත්වන නිවස පුංචි දරුවාගේ දේහය තබන්නට ඉඩ නොමැති නිසා ඔවුන්ගේ පවුලේ ඥාතියෙකුගෙන් නිවසක මෙම බිලිඳු මළ සිරුර තබා තිබිණි.

දේහය ළඟ හඬා වැටෙමින් මිය ගිය පුංචි දරුවාගේ මව වූ එච්.එම් .නිරෝෂා කුමාරි ( 24) මව හඬා වැටෙමින් තමන් දුටු සිය පුතාට අත්වූ ඉරණම පැහැදිලි කරමින් කියා සිටියේ තමන් පිටුපස කුස්සියේ ආහාර පිසීමට සූදානම් කර තිබියදී නිවසේ සාලය මැද පැදුරක් මත තම දරුවා නිදා සිටි බවත් දරුවාගේ කෙඳිරිලි හඬක් ඇසී තමන් පැමිණි බවය .

ඒ වනවිටත් බල්ලෙකු තමන්ගේ දරුවා සපා කමින් සිටින ආකාරය දුටු බවය. පසුව තමන් දරුවා ද රැගෙන අසල්වැසි නිවසකට දිව ගිය බව පැවසුවාය. තම දරුවා ආහාරයට ගත් බල්ලා සුදු පැහැති බූල් රැසක් ඇති මීට කලින් කිසිදාක නොදුටු බල්ලෙකු බව පැවසුවාය.සිය සැමියා වූ සම්පත් කුමාර (26 ) ඒ වනවිටත් කැලෑවේ බඹර කැපීම සඳහා ගොස් ඇති බව ඇය වැඩිදුරටත් කීවාය.

මෙම දරුවාගේ අවසන් කටයුතු ඉතා චාම්ව සිදුකරන ආකාරය දැක ගැනීමට හැකි විය.ගමේ විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුර සීලරතන හිමියන් ආගමික වතාවත් ඉටුකිරීමෙන් පසු කුඩා පෙට්ටියක තිබූ බිළිඳු සිරුර කනත්තට රැගෙන ගියහ .

නාමල්පුර ආසිරි ගම ගම්මානය ඉතාමත් දිළිඳු බවෙන් යුක්ත පවුල් දෙසීයක් පමණ ජීවත්වන ගම්මානයකි .මෙම ගම්මානයේ බොහෝ දෙනෙකු සිය වෘත්තිය හැටියට සිදුකරනු ලබන්නේ කුලී වැඩ දඩයම් කිරීම මී පැණි කැඩීම ආදී බව ප්‍රදේශවාසීහු පැවසූහ.

මෙම දරුවාගේ අවසන් කටයුතු සඳහා පැමිණ සිටි ගම්මුන් දෙස මෙන්ම ඔවුන්ගේ නිවෙස් දෙස බලද්දී දිළිඳු භාවය පිළිබඳව බොහෝ දෙනෙකුට වැටහෙනු ඇත. නිසියාකාර ඇඳුමක් පැළඳුමක් හෝ නොමැතිව එදා වේල සරිකර ගන්නා මෙම ගම්මුන් කියා සිටියේ කැලෑවට ආසන්න ව පැවතීම නිසා ඇතැම්විට දඩයම් වලට හුරු කළ සුනඛයකු මෙම දරුවා ආහාරයට ගත්තේ ද යන්න යි සැක සහිත බව ය.

සිද්ධිය සිදු වූ අවස්ථාවේ එම නිවසේ ආසන්නයේ පදිංචිව සිටී කාන්තාවක් අප සමග කියා සිටියේ දරුවාගේ මව කෑගසාගෙන නිවසෙන් එළියට දිව යනවා සමග ගුරු පැහැති ලෝම හැලූණු සුනඛයකු තම නිවස දෙසට පැමිණි බවත් මීට පෙර එවැනි සුනඛයකු ම ප්‍රදේශයේදී දැක නොමැති බවය.කෙසේ වෙතත් ගම්මුන් බොහෝ දෙනෙකු දඩයමේ යන බවට කීමට හෝ දඩයම් බල්ලන් ගමේ ඇතිකරන බවට ප්‍රකාශයක් ලබාදීමට අකමැත්තක් දැක්වූහ.

නම් ගම් නොමැතිව කිහිප දෙනෙකුම අප සමග කියා සිටියේ මෙම ගම්මානයේ බහුතරයක් මෙන්ම මියගිය බිළිඳාගේ පියාද දින ගණනාවක් තිස්සේ කැලේ ගත කරන බවත් මී කැඩීම බඹර කැපීම හා දඩයමේ යෑම රැකියාවක් ලෙස සිදු කරන බවත්ය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)