April 26, 2024

පංතිකාමරයක් තුල පුද්ගලයෙකු ගෙලවැලලාගෙන මියයයි

September 18, 2017

මුලතිව්, පුදුකුඩිඉරිප්පු රෝමානු කතෝලික පාසලේ පංතිකාමරයක් තුල වයෝවෘද්ධ පුද්ගලයෙකු ඊයේ (17) සවස ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසනවා.

රෝමානු කතෝලික පාසලේ ඉදිකොට ඇති තාවකාලික පංතිකාමරයක් තුල මෙම වයෝවෘද්ධ පුද්ගලයා ගෙලවැලලාගෙන ඇති අතර පසුව පාසලේ ආරක්ෂකයෙකු ඒ බව දැක පුදුකුඩිඉරිප්පු පොලීසියට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මුලතිව් පොලීසිය අදලා ස්ථානයට පැමිණ සියදිවි හානිකරගෙන ඇති පුද්ගලයා හඳුනාගෙන ඇති අතර එම පුද්ගලයා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කුමාරසාමි ඉරාසලිංගම් නැමත්තෙකු බවට හඳුනා ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා සියදිවිහානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

වන්නි රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)