April 27, 2024

සිංහලෙන් කියවන විට ටයිප් කරන්න ගූගල් නවතම මෘදුකාංගය

එදිනෙදා ජිවිතයේ පහසුව සඳහා සිදු කෙරෙන නවතම සොයා ගැනීම් පිළිබඳව දිනෙන් දින ලොව විවිධ රටවලින් වාර්තා වේ.

මෙම නවතම සොයා ගැනීම මෙන්ම නවතම සේවය හඳුන්වා දෙන්නේ ගූගල් විසින් වන අතර මෙය හඳුන්වා ඇත්තේ සිංහල වොයිස් ටයිපින් සේවාව යනුවෙනි.

එමඟින් සිදු වන්නේ කතා කරන වචන ගූගල් හරහා සටහන් වීමයි.

මෙමඟින් සාමන්‍යයෙන් යතුරු කරන වේගයට වඩා තුන් ගුණයක් වේගයෙන් යතුරුකරණයේ යෙදිය හැකි බව වාර්තා වේ.

මෙම සේවාව Gboard  ලෙස හඳුන්වන අතර එම මෘදුකාංගය නොමිලේ ලබා ගත හැකිය. මෙය භාෂා 30ක් ඔස්සේ ක්‍රියාත්මක කල හැකිය.

Rate this item
(1 Vote)