May 08, 2024

කුඩා දැරිය කෑම අරන් එද්දී වාහනයකට යටවෙයි (PHOTOS)

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න ප්‍රදේශයේදී  පෙරේදා ( 06) රාත්‍රීයේ වෑන් රථයක් තවත් වාහනයකට ඉස්සර කරන්නට යද්දී පාරේ ගමන් කරමින් සිටි 11 හැවිරිදි කුඩා දැරියක් යටවී මියගොස් ඇති බව හබරණ පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හිරිවඩුන්න ප්‍රදේශයේම පදිංචි ශෂිනි මදුවන්ති කුමාරි නැමති  දැරියකි.මව අහිමි කුඩා දැරිය සිය මිත්තනිය හා සීයා ළඟ ජිවත් වන්නීය.සීයා කුඩා පළතුරු මැස්සක් දමා ගෙන සිටින අතර මියගිය දියණිය සවසට එම පලතුරු මැස්සට පැමිණෙන්නේ ඒ ආසන්නයේ පිහිටි ආප්ප කඩෙන් ආප්ප කෑමටය .

සුපුරුදු පරිදි දියණිය ආප්ප හයක් මිලදී ගෙන මාර්ගයේ පලතුරු මැස්ස දෙසට පැමිණෙමින් සිටියදී මේ අනතුර සිදුව තිබේ.දැරිය රැගෙන ආ ආප්ප රාත්‍රීවන විටත් මහ පාරේ වාහනවලට යටවෙමින් තිබෙනු දැක ගත හැකිවිණි .

අනතුර පිලිබදව පරීක්ෂණ කරන හබරණ පොලිසිය පවසා සිටියේ කන්තලේ සිට ගුවන් තොටුපලට ගමන් කරමින් තිබු වෑන් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බවත් මුලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ වෑන් රථය අධික වේගයෙන් ධාවනය කොට ඉතාම අනාරක්ෂිත ලෙස තවත් වාහනයකට ඉස්සර කිරීමට යද්දී පාර මාරු වීමට සිටි දැරිය හැපී ඇති බවයි.

වෑන් රථයේ හැපුණු දැරිය එම ස්ථානයේ සිට මීටර් 27 ක දුරකට විසිවී වැටි සිටි බවත් අනතුරත් සමග ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසින් පාලනය කොට පොලිසිය රියදුරාත් වාහනයත් පොලිස් භාරයට ගෙන් පොලිසියට ගෙනවිත් තිබිණි.අනතුර පිළිබඳව හබරණ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 August 2017 12:00