April 27, 2024

පොලිස් නිලධාරියාගේ බිරිඳ ඉදිරිපිට වදිමින් හැඟීම්බරබර වූ යාපනයේ මහාධිකරණ විනිසුරු (VIDEO)

සැබෑ මිනිසත් බව යනු නීතිය ද අභිබවා යන අති උතුම් තත්වයක් බව මහාධිකරණ විනිසුරුවරයෙකු වන මානිකර්වාසගර් ඉලංචේලියන්මහතා ඊයේ ක්‍රියාවෙන්ම ඔප්පු කළේය. ඒ පෙරේදා සවස 5.30ට පමණ තමන්ට ආරක්ෂාව සපයමින් සිටියදී තමන් වෙත එල්ල වූ වෙඩි ප්‍රහාරයක් වැදීමෙන් ඊයේ අළුයම යාපනය මහ රෝහලේදී මිය ගිය 57හැවිරිදි පොලිස් සැරයන් හලාවත, කුමාර කට්ටුවේ පදිංචි සරත් ප්‍රේමචන්ද්‍ර (24330) මහතාගේ බිරිඳ එම මරණය සැලවී යාපනය රෝහලට පැමිණි අවස්ථාවේදීය.

එහිදී ඇය ඉදිරියට ගිය විනිසුරුවරයා ඇය ඉදිරියේ දෑත එක් කොට වැඳ නමස්කාර කොට හඬා වැටෙන්නට වූයේ මහාධිකරණ විනිසුරු නිලය ඉක්මවා ගිය මහා බලගතු මිනිසත් කමක් තමන් සතුව ඇති බව මනාව ප්‍රකට කරමිනි.

ඉන් පසු තම සංවේගය දරාගත නොහැකිවූ විනිසුරු වරයා පාලන කර ගැනීමට අවට සිටින්නවුන්ට සිදුවිය.

මෙම මීනිමැරුමට සම්බන්ධ සැකකෙරෙන ප්‍රධාන සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුගේ සොහොයුරෙකු සහ ඥාති සොහොයුරෙකු මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 

එම වීඩියෝව පහතින්

Rate this item
(0 votes)
Last modified on Monday, 24 July 2017 12:20