April 26, 2024

“සඳකිදුරු“ පර්යේෂණ වේදිකා නාට්‍යය 28දා කරළියට

ශ්‍රී දළඳා මාලිගාවේ උසස් අධ්‍යාපන ආයතනය වන පල්ලේකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය (SIBA Campus) විසින් බුදුදහමේ දැක්ම ජාත්‍යන්තරයට දායාද කිරීමේ අරමුණින් ඉංග්‍රීසි භාෂා මාධ්‍ය යෙන් පිටපත රචනාකොට ශ්‍රී ලාංකේය හා අමෙරිකානු නාට්‍ය සම්ප්‍රදායයන්ගේ සම්මිශ්‍රණයෙන් නිෂ්පාදනය කරන ලද “සඳකිදුරු“ වේදිකා නාට්‍යය ලබන 28 වනදා මහනුවර හින්දු සංස්කෘතික ශාලවේදී රඟ දැක්වීමට .

ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියේ නූතන භාෂා හා ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ “ෆුල්බ්‍රයිට්“ පර්යේෂණ ව්‍යාපෘතියක් වශයෙන් සිදු කරන මෙම නාට්‍ය යේ නිෂ්පාදනය, ප්‍රවීණ වේදිකා නළු ජයනාත් බණ්ඩාර මහතාගේ උපදේශකත්වයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ නොදර්න් කන්ටැකි විශ්විද්‍යාලයේ (Northern Kentucky University) නාට්‍ය භා රංග කලාව පිළිබඳ මහාචාර්ය ඩැරල්හැරීස් ඇතුළු විද්‍යාර්ථීන් කණ්ඩායමක් විසින් සිදු කරන අතර සංගීත අධ්‍යක්ෂණයෙන් ප්‍රවීණ සංගීතවේදී දර්ශන බෝධිකොටුව මහතාද, වේෂ නිරූපණයෙන් ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පී ආර්.එස්. පෙරේරා මහතා දායකත්වය දක්වයි.

Rate this item
(2 votes)
Last modified on Friday, 21 July 2017 14:33