April 26, 2024

තරුණ දියණියන් තිදෙනාත් සැමියාත් එපා කී කාන්තාව අනියම් පෙම්වතා ඉල්ලයි

තම තරුණ දියණියන් තිදෙනා හඩා වැලපෙද්දී මවක් සිය අනියම් පුරුෂයා සමඟ පිටව යෑමේ සිද්ධියක් අම්බලන්තොට ප්‍රදේශයෙන් දැනගන්නට ලැබේ.

වයස අවුරුදු 39 කාන්තාවක් මෙලෙස මාතර ප්‍රදේශයේ අවුරුදු 31 හැවිරිදි අනියම් සැමියා සමඟ ඇති වූ ප්‍රේම සබදතාවක ප්‍රතිඵලයක් ලෙස මෙසේ පිටව ගොස් ඇත.

පෙදරේරුවෙක් ලෙස රැකියාවේ නිරත වයස අවුරුදු 59ක ස්වාමිපුරුෂයා සහ 19, 22 සහ16 යන වයස්වල පසුවන තරුණ දියණියන් තිදෙනෙකු අදාළ කාන්තාව විසින් මෙලෙස හැර දමා ගොස් ඇත.

මෙම පවුල තුළ නොයෙක් අඩ දබර ඇතිවන අතර බිරිඳ සිය සැමියා හා දරුවන් අතහැර දමා යෑමට සූදානම් බව පවසා අම්බලන්තොට පොලීසියට පැමිණිලි කර ඇත.

එම නිසා පසුගිය දිනක සියලු පාර්ශව කැඳවා පොලීසිය විසින් පැමිණිල්ල විභාග කෙරුණ අතර එම මව කියා සිටියේ තමාට සිය පෙම්වතා සමඟ යා යුතු බවයි.

මෙයට අකැමති වූ දියණියන් තිදෙනා දැඩි ලෙස එයට විරුද්ධ වූ අතර ඔවුන් හඬා වැලපෙමින් කියා සිටියේ සිය මව හා පියා සමඟ සිටිය යුතු බවයි.  

පියා පොලිස් පොතේ අත්සන් කර පිටව ගොස් ඇත්තේ ඇගේ තීරණයට“උඩ ඉන්න දෙවියන්ම බලා ගනීවි” කියාය.

 

 

 

Rate this item
(0 votes)