April 27, 2024

දරුවා සනීප කරන්න රට ගිය මව අතුරුදන්

ගිය මවගේ තොරතුරක් නැතිව සේසතම වියදම් කොට වසර හයක් තිස්සේ කදුළු බොන පියකු,පුතෙකු හා දියණියක ගලේවෙල බබරගස්වැව ගම්මානයේ ජිවත් වෙති.

දැනුම් දෙන්නට ඇති කියන්නට ඇති සියලු දෙනාට අමතරව නොපෙනෙන බලවේග මෙන්ම ඉඩකඩම් විකුණා විදේශ ගත වූ රටට ගොස් සොයා බැලුවත් මෙතක් සිය මව ගැන වසර හයක සිට කිසිදු තොරතුරක් නැති බව මේ පවුලේ තිදෙනා කියති.

ගලේවෙල බබරගස්වැව පදිංචි ඊ .ජී .ඩිංගිරි මැණිකා (54) මහත්මිය 2011 වසරේ කටාර් රටේ ගෘහ සේවය සඳහා පිටත්ව ඇත්තේ පිළිකා රෝගයක් වැලදී සිටි සිය වැඩිමහල් පුතුට ප්‍රතිකාර කරන්නට මුදල් සොයා ගැනීම සදහා බව කියති.එරටට ගොස් දින 14කින් ඇය නිවසට දුරකතනයෙන් කතා කලද මෙතෙක් කිසිදු තොරතුරක් නැති බව කියති .

පිළිකා රෝගය වැලදී සිටි පුතා ද මියගොස් ඇත.ඩිංගිරි මැණිකා මහත්මියගේ සැමියා වූ එම්.කරුණාරත්න මහතා (55) කිවේ තම බිරිද සොයා ගැනීමට ලංකාවේ දැනුම් දෙන්නට ඇති සියලු ආයතන හා පුද්ගලයන්ට පත්තරවලට මෙන්ම දේවාලවලට පවා ගියද මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවය .

තමන්ට තිබු ඉඩකඩම් විකුණා බිරිද සොයා තම පුතා බිරිද ගිය රටට යවා සොයා බැලූ බවද කෙසේ හෝ තම බිරිද ගැන තොරතුරක් සොයා දෙන්නයි ඉල්ලා සිටීමට බැරිම තැන ලංකාවේ මාධ්‍යයේ පිහිට පැතූ බව කියයි .

ඩිංගිරි මැණිකාගේ පුතා සරත් කුමාර මහතා හඩා වැටෙමින් පැවසුවේ තම මව ගැන තොරතුරු සොයා බැලීමේදී කටාර් රාජ්‍යයේ සිට සවුදි අරාබියට ගිය බවට ලැබුණු තොරතුරක් අනුව තමන් එම රටට ගොස් සෙවූවද පලක් නොවූ බවයි.මව විදේශ ගත කල මෙරට නියෝජිත ආයතනය ගැන මෙතෙක් බලධාරීන් පියවරක් ගෙන නොමැති බවත් එහෙත් මව ගැන තොරතුරු විමසීමට යද්දී රැකියා නියෝජිත ආයතනය තමන් පොලිසියට රැගෙන ගොස් පහර දෙන්නට යන බවට තර්ජනය කර සිටි බවද සඳහන්.

ඩිංගිරි මැණිකාගේ දියණිය නිරංජලා කරුණාරත්න මහත්මිය හඩමින් ඉතා සංවේදී වුවාය.වර්තමාන විදේශ සේවා ඇමතිනි මෙවැනි කටයුතුවලට මැදිහත් වන බව තමන් ජනමාධ්‍ය තුලින් දකින බවත් එතුමියටත් මැදිහත් වෙන්නැයි ඉල්ලා සිටියාය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස )

Rate this item
(0 votes)
Last modified on Monday, 10 July 2017 16:22