April 27, 2024

මව භාර ගන්න දරුවන් බෑ කියද්දී බෑණාගේ හිත කම්පා වෙලා - අසරණ වූ මවගේ කතාව (VIDEO)

දරුවන් සය දෙනෙකු වැදු අසූ පස් වියැති මවක් කැකිරාව,පල්ලෙහිඟුර,මහඇලගමුව පදිංචි තම බාල දියණියගේ නිවසේ මෙතෙක් කල් ජිවත් වූවත් ඇයට අද උදා වී ඇත්තේ ඛේදනීය ඉරණමකි.

බාල දියණියගේ දුවෙකුට දරුවෙකු පිළිසිඳ ගැනීම නිසා මහනුවරට යාමට සිදුව ඇති හෙයින් මවව තාවකාලිකව මාස දෙකක් වැනි කෙටි කාලයකට වෙනත් සොයුරියකගේ නිවසේ නැවත්වීමට උත්සාහ ගත්තද එම සොහොයුරියන් සිව්දෙනාම සිය මව භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලීසියේ පිහිට පැතූ බාල දියණිය පසුව කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාය.පැමිණිල්ල විභාග වූයේ එහි සමාජ සේවා නිලධාරිනින් ඉදිරියේය.

එහෙත් පැමිණි දරුවන් තම මව ප්‍රතික්ෂේප කළ නිසා ඇයට යාමට ඉතිරිව තිබූ එකම විකල්පය වූයේ වැඩිහිටි නිවසයි.

මේ කරුණ දැනගත් විට මවගේ නෙත්වලින් කදුළු ඇඳ හැලිණි.බාල දියණිය ස්නායු ආබාධයකින් පෙලෙන තම සැමියාට ඒ බව දැන්වීය.

සිත කම්පා වූ බෑණා තමා වදපු දරුවන් ප්‍රතික්ෂේප කළ මේ මව භාර ගැනීමට දුරකතනයෙන් කැමැත්ත පළ කිරිමත් සමඟම සතුටු කඳුළු හෙලූ මව ඔහුට බුදු බව අත්වේවා යැයි ප්‍රර්ථනා කළේය.    

එම වීඩියෝව පහතින්

Rate this item
(0 votes)
Last modified on Friday, 07 July 2017 20:23