April 26, 2024

කාන්තාවක් ගුවන් යානයේ එන්ජිමට කාසි විසි කරයි

 කාන්තාවක් ආශීර්වාදය පතා ගුවන් යානයක ඇන්ජිමට කාසි විසිකරනු ලැබීමක් නිසා ගුවන් ගමනක් ප්‍රමාද කිරීමට සිදු වූ බව දකුණු චීන ගුවන් සමාගම‌ පවසයි.

අසූ වියැති මහළු කාන්තාවක් පසුගිය 27 වනදා ගුවන් යානයකට නැගීම සඳහා ධාවන පථය ඔස්සේ ගමන් ගනිමින් සිටියදී දකුණු චීන ගුවන් සමාගමට අයත් යානයේ ඇන්ජිමට සිය අතෙහි තබාගෙන සිටි මාරු කාසි විසිකර ඇති අතර ඒවා අතරින් එක කාසියක් ඇය ඉලක්ක කරගත් පරිදි එන්ජිම තුළට වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවුවද, එම සිද්ධිය නිසා ගුවන් යානය ගමන් ආරම්භ කර ඇත්තේ පැය පහකට අධික ප්‍රමාදයකින් අනතුරුව බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

(බීබීසී)

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 30 June 2017 17:34