April 27, 2024

කඹුරුපිටියම හැඩවූ පියා සහ දරුවන්ගේ දිවිනසා ගැනීමේ කතාව (PHOTOS)

මිනිසුන් නොමිනිසුන් වීමට ගත වන්නේ සුළු මොහොතකි.එහෙත් මිනිසුන්ට සිය ලෙයින් උපන් දරුවන් තිදෙනා මරා දමා තමන්ද මරණයට පත් කර  ගැනීමට හැකි නම් මිනිසුන්ගේ ජිවිතවල ඇති තිරිසන් ගත මනෝභාවයක් වන්නේය.රටේ පවතින අධ්‍යත්මික සංවර්ධනය දියවී යාමේ මහ අභාග්‍යමත් කාලයක් මේවන උදා වී ඇති බවට කදිම උදාහරණය ලෙස පසුගියදා (26)  කඹුරුපිටිය,බෙරලිඅතුර ප්‍රදේශයේ සිදු වු ඒ අවාසනාවන්ත සිදු වීම මුළු ජාතියක් ලෙස රටේ  ම්ලේජත්වය කියාපාන සිදු වීමකි.

දරුවන් තිදෙනා හා පියා ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බවට විසි වැනිදා රාත්‍රියේ දැන ගැනීමට ලැබිමෙන් පසුව 119 දුරකථනයෙන් කතා කිරීමෙන් පසුව  කඹුරුපිටිය පොලිසිය වහා පැමිණිමෙන් පසුව වයස අවුරුදු 10 හැවිරිදි  හිරුණි සෙව්වන්දිකා හා 16 හැවිරිදි  කෞශල්‍යා සෙව්වන්දි  වන ගැහැණු දරුවන්  දෙදෙනා සහ වයස අවුරුදු 14 හැවිරිදි රන්සෑගොඩ මංගල  පොඩි හාමුදුරුවන් වහන්සේ  මරණයට පත් වී ඇත. 44  හැවිරිදි පතිරණගේ ප්‍රියන්ත   පියා අසල තිබු කොස් ගසේ එල්ලීමෙන් මිය ගොස් ඇත.පවුලේ හය දෙනෙකු ජිවත්වන වු අතර පියා කුරුදු තැලීමේ කටයුත්ත සිදු කර ගෙන ගොස් ඇත.

වැඩිමහල් පුතා පැවිදි වී රත්නපුර විහාරස්ථානයක වැඩ වාසය කරයි.මහණ වු අනෙක් දරුවා ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ ශිෂ්‍ය වහන්සේ නමක් ලෙස අධ්‍යපනික කටයුතු සිදු කර ගෙන යමින් සිට ඇත.සිය මව නිවසෙන් ගොස් මාස එකහමාරක වී ඇති අතර මේ හේතුව නිසා නිවසේ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් අතට පත් වී ඇත.මේ නිසා පියා විසින් බිරිඳට එන ලෙස දන්වා ඇත.

පෙරේදා (27) මාතර මහේත්‍රාත්වරයා පැමිණ මහේත්‍රාත් පරික්ෂණය සිදු කරනු ලැබු අතර පසු අනාවරණය වුයේ සිද්ධිය වු දිනයේ දී නිවසේ සිටි කුඩා දියණිය සිය අයියා වු මහණ දම් පුරණ රත්නපුර වෙසෙන වැඩිමල් ස්වාමින් වහන්සේට දුරකථනයෙන් දන්වා ඇත්තේ සිය අත් බැඳ තමන්ව පියා විසින් මරා දැමිමට උත්සාහ කරන බව දැනුම් දී ඇත.

එහෙත් පොලීසියට හමු වු ලිපියෙන් දැක්වෙන්නේ තමන් කැමැත්තෙන් සිය දිවි නසා ගන්නා බවයි.ගමේ පිරිස් විසින් බිරිඳ නිවසෙන් ගිය පසුව මේ නිවස තුළ අපචාර කටයුතු සිදු වන බව හදිසි ඇමතුම් ඒකකට ඇමතුම් ලැබි ඇත. මේ නිසා කඹුරුපිටිය පොලිසිය පැමිණ තිබේ. මේ නිසා පවුලේ මානසිකත්වයට එයද බලපෑමක් සිදු වී ඇත.මේ සම්බන්ධයෙන් ප්‍රියන්තගේ වැඩිමහල් සොහොයුරු දැක් වුයේ මෙවන් අදහසකි.

“පවුලේ ගැටළු විශාල ප්‍රමාණයක් තිබුණා. නමුත් අපිත් මේවාට මැදිහත්විමක් සිදු කර ගන්න බැරි වුණා.මේ ප්‍රශ්නයේ ප්‍රධාන ගැටළුව බව පත් වුණේ පවුල ගිය නිසා තමයි මේවගේ තත්ත්වයට පත් වුණේ මල්ලි. මේ තත්ත්ව නිසා අපි  විශාල ගැටළුවට පත් වෙලා ඉන්නේ. දැන් දේහයන් අපි මහ ගෙදර තමයි තියෙන්නේ”යැයි ලොකු අයියා පැවසීය.

“මේ වගේ අය නම් මේ රටේ ජිවත් වෙන්න එපා කියලා තමයි අපි කියන්නේ මේ නිසා අපේ ගම පවා ලජ්ජාවට පත් වුණා සිදු වු දෙය නිසා . අපි ගම ගැන කියන්නවත් නොහැකි තත්ත්වය තමයි පත් වුණේ.මේවගේ මිනිසුන් උපදින්නවත් එපා කියලා තමයි අපි කියන්නේ.අපිට පුළුවන් විදියට උදව් කරනවා.මම රෑ එන විට මේ ගස්වල එල්ලි තිබෙන ආකාරයක් තමයි දැකගන්න ලැබු‍ණේ මට මේ ගැන හිතා ගන්නවත් නොහැකි තත්ත්වය තමයි පත්වුණේ මේ නිවස ගංවතුර තත්ත්වත් සමග විනාශයට පත් වු‍ණා . රජයෙන් ආර්ථික සංවර්ධන නිළධාරිතුමා හා ග්‍රාම සේවා තුමිය පැමිණි මේ නිවස සකස් කර ගැනීමට අවශ්‍ය කටයුතු පවා සිදු කරමින් පැවැතුණේ නමුත් හිතා ගන්න බැරි තත්ත්වයක් තමයි ඇති වු‍ණේ” යැයි  ගම්වාසියෙකු වු ගලගම නයනජිත් පැවසීය.

“මේ සමාජයක් විදියට මෙය ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් විධියට තමයි අපි හිතන්නේ මේ ‍නිවසේ ඉතිං ගැටළුම් ඇති වෙනවා එය සමාන්‍ය දෙයක් බව පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මිනිසුන්  මේ ගැන එතරම් අවධායක් යොමු කරන්නේ නැති තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසා අහිත් මිනිසුන් පවා හිතන ගන්න ඕන මේ වගේ තිරිසන් වැඩ කන්න හොඳ නැහැ කියලා. මේ නිසා සමාජයක් විධියට අපි මුහුණ දෙන්න බැරි තත්ත්වයට පත් වෙනවා” යැයි ටී.රුවන් පැවසීය.

‍“මේ ගැටුමත් එක්ක පවුල මාස එකහමාර කලියෙන් ගියා ගෙදරින් නමුත් මේ ගැටළුව ගොඩාත් දුරට තිබුණා. මම එක්ක හිටියා මේ වගේ මිනිහෙක් නම්  මම කිසිම විටක ආශ්‍රිය කරන්නේ නැහැ . හිතා ගන්න බැරි තත්ත්වය පත් වුණා. මේ අපි දුක මගේ දරුවන් එක්ක මේ දරුවන් පාසල් ගියේ රන්සෑගොඩ උතුර විද්‍යාලයට මේය මහා අපරාධයක්”යැයි  ඇල්ලදෙණියගේ ජිනදාස  පැවසීය.

දේහයන් සිය පියාගේ නිවසේ තැන්පත් කර තිබූ අතර පොඩ් ස්වාමින් වහන්සේගේ දේහයද එම නිවසේම තැන්පත් කර තිබී පසුව ඊයේ (28) එම දේහයන් භුමිදානය කර ඇත.

(මාතර-කැලුම් බෝධිමාන)

Rate this item
(0 votes)