April 26, 2024

උඩරට මැණිකේ දුම්රිය උමං මාර්ගයකදී එන්ජිමෙන් ගැලවෙයි (PHOTOS)

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය හැටන් සිංගිමලේ උමං මාර්ගය අසල දී එන්ජිම මැදිරිවලින් ගැලවී අඩි විස්සක් පමණ ඉදිරියට ධාවනය වි ඇති බව එම දුම්රියේ ගමන් ගත් මඟීන් පවසයි.

හැටන් දුම්රිය ස්ථානය ඊයේ (25) පස්වරු 2.30 ට ගමන් ආරම්භ කළ එම දුම්රිය සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසලදී ඉදිරිපස එන්ජිම මැදිරිවලින් වෙන් වී අඩි විස්සක් පමණ ඉදිරියට ධාවනය වීමෙන් පසුව නැවත එන්ජිම ආපසු මැදිරි වෙත පසු පසට පැමිණ වෙන් වූ මැදිරි දුම්රිය රියදුරන් විසින් එක් කළ බව එම දුම්රියේ ගමන් ගත් මගීන් පැවසීය.

පසුව එම දුම්රියේ ඉදිරිපස එන්ජිමේද කාර්මික දෝෂයක් ඇති වීම නිසා බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය යලිත් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණියහ.උඩරට මැණිකේ දුම්රියේ පැමිණි විශාල මඟීන් පිරිසක් ඊට පසුව බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියක නංවා යැවීමට හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරීන් කටයුතු කළහ.

කාර්මික දෝෂයකට ලක් වී ඇති උඩරට මැණිකේ දුම්රිය හැටන් ස්ථානයේ ගාල් කර ඇති බව වාර්තා වේ.

(හැටන් - රංජිත්)

Rate this item
(0 votes)
Last modified on Monday, 26 June 2017 13:01