April 26, 2024

ලෝකයම පියවරුන්ගේ දිනය සමරද්දී වැඩිහිටි නිවාසයේ කල් ගෙවන පියවරු

ලෝක පියවරුන්ගේ දිනය 18 දිනට යෙදී තිබේ.පිතෘ මූලික සමාජයක ජිවත්වන අපට මව්වරුන්ගේ නම වැඩි වශයෙන් කියැවෙයි.එහෙත් දරුවන් හදන්නට පෝෂණය කරන්නට පියකුගෙන් ලැබෙන්නේ සුවිශාල වූ දායකත්වයකි.ආරක්ෂාවකි.දෙමාපියන් ගැන වසරේ දිනකට පමණක් සීමා කරමින් ඇති සමාජ වටපිටාවක දෙමාපියන්ට හොඳින් සලකන දරුවන් බොහෝ සිටිය දී දරු සැලකිලි අහිමි ව මහලු නිවාසයේ දිවි ගෙවන ආදරණිය පියවරු සොයා අප දඹුල්ල නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයට ගියෙමු.

මෙහි පියවරුන් 20 දෙනෙකු පමණ නේවාසිකව සිටිති.කීපදෙනෙකුට ඇවිද ගැනීමට පවා නොහැකිව කැතකුණු සියල්ල ඇගපුරා සිදුකර ගනිති.දරුවන්ට නෑදෑයන්ට එපා වූ මේ වියපත් පියවරු මේ ආයතනයේ පාලිකාවගේ සුරතින් සිදු කරන්නීය.මේ පියවරු දරුවන්ට මෙන් ඇයට පින් දෙති .

මේ වැඩිහිටි නිවාසයේ සිටි එක පියකු කිවේ තමන් මේ ගෙවනු ලබන්නේ 103වන ජන්ම දිනය බවය .දරුවන් හා බිරිය නොසලකා සියලු දේපළ ලියාගෙන පාරට වැටුණු බව ද කියයි.මෙහිදී තවත් පියෙකු කිවේ තමන්ගේ දරුවා අධිකරණයක ඉහළම තනතුරක් දරන බවය.ඉතා අමාරුවෙන් උගන්වා පසුව තමන්ව අමතක කර ඇති බවද කියා සිටියේය.තවත් පියෙකු කිවේ තමන්ගෙන් දරුවන්ට නිසි වගකීම ඉටු නොවීම නිසා දරුවන් ළඟට යන්නට තරම් සුදුසු නැති නිසා මෙහි පැමිණි සිටින බවයි.කෙසේ වෙතත් හිතින් දුක් ගින්දරක දැවෙමින් මරණය පැමිණෙන තෙක් මඟ බලා සිටින මේ පියවරුන් බණ පොතකින් දුක නිවා ගන්නා ආකාරය දැකගත හැකිවිණි.ලෝක පියවරුන්ගේ දිනය සමරන මෙවන් දිනයක හෝ තමන්ව ජාතක කළ පියා වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කලා ද කියා සිතා බලමු.

(දඹුල්ල-කාංචන කුමාර)

Rate this item
(3 votes)