April 26, 2024

නාසා ආයතනය ගංවතුරට කලින් සහ පසු ලංකාව දැකපු හැටි ( Photos )

ලංකාවේ මෝසම් වැස්ස මේ වතාවේ මිනිස්සුන්ට සුවයක් ගෙනත් දුන්නේ නම් නැහැ. ඒක මොනතරම් මිනිස්සුන්ගේ ජීවිතවලට බලපෑම් කරාද කියනවනම් ඒ වැස්සෙන් වුණු හානියෙන් තවමත් මිනිසුන් පීඩා විඳිනවා.

ගංවතුර වගේම නාය යෑම් වලිනුත් පිරුණු ඒ කාල සීමාව මිනිසුන් 200කගෙ පමණ ජීවිත උදුරාගත්තා. අපිට ගංවතුරේ ස්වභාවය ගැන යම්තරමකට හරි අවබෝධයක් ආවේ මාද්යවලින් පෙන්වපු ඡායාරුප වලින්. නමුත් ඊට වඩා පැහැදිලි අපුරු ඡායාරූප පෙළක් නිකුත් කරලා තියනවා NASA ආයතනයෙන්.

මේ ඡායාරූප අරන් තියෙන්නේ Sentinel - 2 - Satellite කියන චන්ද්‍රිකාවෙන්. මෙම චන්ද්‍රිකාව අයත්වෙන්නේ European Space Agency එකට.

මෙම ඡායාරූප අරන් තියෙන්නේ ගංවතුරෙන් පස්සේ 2017 මැයි 28 වෙනිදා, ඒ සමගම නිකුත් කරලා තියන අනිත් ඡායාරූප අරන් තියෙන්නේ 2017 ජනවාරි 28 වැනිදා.

මෙම ඡායාරූප කොතරම් තියුණු ලෙස එම සංසිද්ධිය පෙන්වා තියනවද කියනවනම්, ගංවතුරට පෙර වූ කොළ පැහැයත්, ගංවතුරෙන් පසු වූ සමස්ත පරිසරයේ නිල් පැහැයත් අපූරුවට දකින්න ලැබෙනවා.

පහතින් එම ඡායාරූපය දැක්වෙනවා.

Rate this item
(3 votes)