April 27, 2024

ලාංකේය ගීතයේ අනාගත මං ලකුණ - සනුක වික්‍රමසිංහ

පරම්පරාවෙන් පරම්පරාවට ගීත කලාවේ නොමකෙන මං ලකුණු තියන ලාංකේය සංගීත පවුල් කිහිපයක් අදටත් ශේෂ වෙලා තියනවා. පිය උරුමය පුතෙක්ට කොහොමත් ලැබෙනවා. නමුත් පියාට වඩා දෙයක් කරන්න හෝ පියා කල දේම හෝ කරන්න පුතා ත් දක්ෂයෙක්ම වෙන්න ඕන. මිල්ටන් මල්ලව ආරච්චි, මිල්ටන් පෙරේරා, මර්වින් පෙරේරා වගේ කලාකරුවන්ගේ පුතා වගේම මුනුබුරත් ඒ උරුමේ රකිනවා. අදටත් එවැනි පිය පුතු සබඳකම් එක්ක බැඳුනු කලාවක් ලංකාවේ තියනවා කියන එකට හොඳම නිදසුන තමයි මේ තාත්තයි පුතයි.

සංගීත් වික්‍රමසිංහ කියන්නේ තමන්ගේ මහන්සියෙන්, දක්ෂකමින් දෙයක් කරපු කලාකරුවෙක්. ඔහු තමන්ගේ මියුසික් ගෘප් එක කරන අතර තුරේ තමන්ගේම කියලත් සින්දු කිහිපයක්ම කළා. ඔහුගේ " සඳ මුවාවෙලා වැහි වලාවකින් " වැනි ගීත අදටත් මාධ්‍යවල අහන්න පුළුවන් ප්‍රසිද්ධ ගීත. ඉතින් ඔහුගේ පුතා තමයි සනුක වික්‍රමසිංහ. ඔහුත් මේ වනවිට ලංකාවේ තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය ගායකයෙක්.

සනුක මේ වනවිට තමන්ගේම ගීත කිහිපයක් කරලා තියනවා. මේ ගීත අතරින් " සංසාර සිහිනේ සහ සරාගයේ " කියන ගීත මේ වෙද්දී ලංකාවේ ජනප්‍රියම ගීත. ඔහු ගායකයෙක් විතරක්ම නෙවෙයි, හොඳ සංගීත අධ්‍යක්‍ෂකවරක්, නිර්මාණකරුවෙක්. මේ වෙද්දී ඔහු නදීමාල් පෙරේරාට සහ සජිත ඇන්තනීට වෙනම ගීත දෙකක් කරලා දීලා තියනවා. ඒවත් ඉතාම ජනප්‍රිය තලයේ පවතිනවා.

මෑත දිනකදී ඔහු චාට් ෂෝ එකකදී නිවේදකයාගේ ඉල්ලීමකට කරපු " බාස් උන්නැහේ " ගී ඛන්ඩය මේ වෙද්දී සමාජ මාධ්‍ය ජාල වල ඉතාම ජනප්‍රියයි. ඒ විතරක් නෙවෙයි ඔහු පසුගිය ජුනි තුන් වැනි දින ඔස්ට්‍ර්ලියාවේ පැවැත්වූ " රූ සඳ රූ " ප්‍රසංගයට ඔහු පියා සමඟ සහභාගී වෙලා තිබුණා. එහිදී ඔහු ගායනා කරපු " සරාගයේ " ගීතය සඳහා ලැබුණු ප්‍රතිචාර ඉහලයි. අන්තර්ජාලය ඔස්සේ එම වීඩියෝව මේ වෙද්දී බොහෝ අය නරඹා තියනවා.

අපිට දැනගන්න ලැබුණු විදියට සනුක, නදීමාල් පෙරේරා සහ ටෙහානි ඉමාරා එක්ක අලුත් ප්‍රසංගයක් අගෝස්තු 05 වැනිදා රාත්‍රී 07 සිට කුරුණෑගලදී පැවැත්වෙනවා. ඒ පිලිබඳ ඉදිරියේ දී තොරතුරු ගෙන ඒමට අපි සුදානම්. 

Rate this item
(2 votes)
Last modified on Wednesday, 07 June 2017 17:28