May 02, 2024

" තාත්තා මැරුණේ ඇම්බියුලන්ස් එකේ පරක්කුවෙන් " කැඩුණු සිංහලෙන් වෙඩිසිංහගේ පුතා කරන සංවේදී කතාව ( Video )

ආනන්ද වෙඩිසිංහගේ මරණය ලංකාවේ යතුරු පැදි ක්ෂේත්‍රයට වුණු විශාල හානියක්. ඔහුගේ මරණය සිදු වුණේ අනතුරකින්. 

මේ වසරේ නුවර එළියේ පවත්වන ලද ( අප්‍රේල් 24) සුපර් මෝටර්ඩ් ( සිලින්ඩර් ධාරිතාව 450 ) තරඟයේදී සුරාජ් පෙරේරාගේ යතුරු පැදිය හා ආනන්ද ගේ යතුරු පැදියේ හැඬල එකිනෙක ගැටීමෙන් තමයි මෙම අනතුර සිදු වී තිබුණේ.

ඔහුගේ මරණය සිදුවූයේ අනතුරකින් බව සියල්ලම පිළිගත්ත ද මෙම ධාවන තීරුවේ අඩුපාඩු මෙම මරණයට හේතුවක් බව ප්‍රසිද්ධ මධ්‍යයේ පවා පුවත් පළකරමින් කතාබහට ලක් කෙරුණා.

නමුත් මෙහි සැබෑම සිදුවීම පිළිබඳව වෙඩිසිංහගේ පුත් කෙන් වෙඩිසිංහ ඉතා සංවේදී ආකාරයෙන් මාධ්‍යයට කතාකරමින් පැවසුවා.

ලංකාවට නැති වුණේ තවත් එක් දක්ෂ ධාවන ශුරයෙක් වෙන්න පුළුවන්, එත් කෙන්ට නැති වුණේ ඔහුගේ එකම තාත්තා. ඔහු සහ පවුලේ ය මේ පිළිබඳව ඉතාම කනස්සල්ලෙන් ඉන්න බවයි දැනගන්නට ලැබෙන්නේ.

කෙන් කියන්නෙත් එයාගේ තාත්තා වගේම ධාවනකරුවෙක්. ඉතින් ඔහුට මෙම සිදුවීම ගැන අමුතුවෙන් කියන්න වැඩක් නැහැ. ඔහු දන්නවා ධාවන පථයක සිදුවෙන් දේ පිළිබඳව.

ඔහු මාධ්‍යයට කියනවා,

  " මමත් රේස් පදිනවා, ලංකාවේ අවුරුදු 05ක් පැදදා. ජපානෙත් රේස් පැද්දා. දැනගෙන කතා කරන්නේ මේ "

  " තාත්තා නැති වුණ එක ඇත්ත, මං ඒක පිලිගන්නවා. මෙහේ ආරක්ෂාවක් තිබුනේ නෑ... අපේ තාත්තත් ඒක දැනගෙන තමයි රේස් පැද්දේ. එත් එයාලා කියන්නේ වෙන දෙයක්. එයාල කියයි එක එක කතා. එත් මං දන්නවා ඇත්ත "

  " එතන ආරක්ෂාවක් තිබ්බෙ නෑ. විනාඩි 30ක පරක්කුවක් අවා. ඇම්බියුලන්ස් එකක් තිබ්බේ නෑ. මගේ තාත්තව බේරගන්න තිබුණා නැත්නම්... මෙයාල වෙන කතා කියනව. බොරු කියනවා. ඇයි ඇත්ත නොකියන්නේ ?"

මෙවැනි ධාවන ශුරයන් රටට අහිමි වුනු පළමුවැනි අවස්ථාව මෙය නොවේ. ඒ නිසා මෙයින් පාඩමක් ඉගන ගත යුතුයි කීම උචිත නැහැ. පාඩම් ඉගැන්වීමට මියැදුණු පළමුවැනි ධාවන ශුරයා වෙඩිසිංහ නොවන බවත් ඉදිරියටත් ලංකාවේ මෙවැනිම දෙයක් සිදු වීමට තවත් ඉඩ පවතින බවත් දැනගෙන කටයුතු කිරීම වටින්නේ එබැවින්.

කෙන් විසින් සිදුකරන ලද කතාව පහතින්

Rate this item
(1 Vote)