April 26, 2024

සමාජ මාධ්‍යවල පෙරළියක් කළ " ජින්නාගේ " අලුත් වැඩේ ගැන මුල්වරට හෙළි කරයි

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඔබට, මට වචන සියගානකින් කෙනෙක්ට තේරුම් කරන්න බැරි බොහෝ දේ, එක ගීතයකින් කියන්න පුළුවන්. ඒ විතරක් ද ඒ ගීතයේ ඔබ නොදැකපු යමක් මම දකින්න පුළුවන්. මම නොදැකපු දෙයක් ඔබ දකින්න පුළුවන්. ජීවිතේ එකවතාවක් හරි ගීතයක් නිසා තමන්ගේ ජිවිතේ කම්පාවක් විඳදරා ගත්තු නැති මනුස්සයෙක් නැති තරම්.

කාලෙන් කාලෙට ලෝකේ සංගීත කලාව වෙනස් කරපු එක එක චරිත බිහි වුණා. ඒ චරිත ඒ ඒ කාලවල ජනප්‍රිය නොවුනට පස්සේ මිනිස්සු කතාකරන්න ගත්ත. රැල්ලට යන කලාකාරයන් අතරේ රැල්ලට අහු නොවුණු කලාකාරයෝ ඕනි තරම්. එහෙම කලාකාරයෙක් ඉන්නවා අමුතු සින්දු කරන, අමුතු රූප රචනා කරන.... ඔහු රත්නපුරෙන් බිහිවෙන්නේ.

ඉතින් මේ  කියන්නේ ඔහු ගැන .... නමින් ජිනිඳු .... එත් බොහෝ අය දන්නේ ඔහු ජින්නා නමින්. ඉතින් මේ ඔහු කියන කතාව. ඔහු අලුතින් හදපු ගීතය ගැන කියන්න අපිත් එක්ක එකතු වුණා.

  1.කොහොමද ජිනිඳු ජින්නා වෙන්නේ?

       මගේ නම ජිනිඳු නිසා මා පාසල් අවදියේ සිටම මිත්‍රයින් මාව අමතුවේ මේ "ජින්නා" කියලා. දවසක් මගේ පලවන රූප රචනය අධ්‍යක්‍ෂනය කල මාගේ සමකාලින මිතුරන් වුණු "ආර්‍යන්ස්" ආයතනයේ සියලු මිතුරන් මෙම රූපරචනයට  "ජින්නා" කියන නම යොදන්න      යෝජනා කළා. ඉතින් දන්නෙම නැතිව ඒ නම් හිට් වුණා.

  2. ඔබ ඉගනගත්තේ?

             මං පාසල් ගියේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට... පාසල් කලෙත් මගේ එකම ආසාව තිබුනේ සංගීතයෙන් යමක් කරන්න.

  3. ඔබේ රැකියාව සංගීතය ද?

              කලා කටයුතු වල හරි හැටි නිරතවීමට නම් මීට අමතරව රැකියාවක් කිරීම අසීරුයි, එත් මගේ පරමාර්ථය මා මේ මාගේ කලාව හරි හැටි හරි තැනට යොදවමින් එක කලු කඩවෙලඳාමක් බවට පත් නොකොට අසීරු වුවත් එය රැකියවක් බවත පත් කරගැනිම....

  4. ඔබේ සංගීත ශෛලිය මොකක්ද? 

              මගේ සංගීත ශෛලිය වන්නේ මට හැඟෙනදේ. එය කුමන ශෛලියකට අයත් ද යන්න මට වැදගත් නැහැ...එත් මං ප්‍රිය කරන ශෛලියක් විදියට රොක් ශෛලිය හඳුන්වන්න පුළුවන්​. ඒ නිසා මා එහි යම් යම් කොටස් අරගෙන වෙනත් සංගීත ශෛලින්    එක්ක එක් කරලා නිර්මාණය කරන්න කමතියි. ඒ නිසා මගේ ශෛලිය  තීරණය කිරිමේ අයිතිය අසනන් සතුයි.

   
  5. ප්‍රධාන ධාරාවේ ගීත කලාවෙන් වෙනස් වෙන එක ඔබට අවාසියක් කියලා කිවුවොත්?
             මේ දැනට ප්‍රධාන ධාරවේ ගීත වලින් මගේ නිර්මාණයන් වෙනස්ම පැතතක් ගන්නේ මා හිතන ආකාරයට නම්,මා හිතුවක්කර ලෙස මට හිතට එන දේම පමණක් කිරීම නිසා සිදුවන දෙයක්. බහුතරයක් කලා කරුවන් යන්න  උත්සාහ කරන්නේ ප්‍රධාන          ධාරවත් එක්ක, එත් මගේ ගමන ප්‍රධාන ධාරාවත් එක්ක ගනුදෙනුවක් නැහැ.  මං මගේම මාරගයක් හදා ගන්න කැමතියි. මං හිතන්නේ මං කරනා නිර්මාණය ගැන විතරමයි. මං  මගේ නිර්මාණය නරඹන පිරිස කොපමන ද කියලා හිතන්නේ නැහැ.
  
  6. ඔබේ ගීතවල පද මාලාව වෙනස්... කවුද මේවා ලියන්නේ? විශේෂයෙන් ම ඔබේ අලුත්ම ගීතය, " හිස්තැන් " වගේ එකක ?
             '' හිස්තැන්" වගේ ගීතවල පද රචනය කලේ ඉතා දක්‍ෂ නව පරපුරේ නමක් දිනාගත්තු ලසිත ජයනෙත්ති ආරච්චිගේ. ඔහු මාගේ කලා ජීවිතයේ මාගේ කලා නිර්මාණ් හරි අඩකට වැඩිය  වැඩි ප්‍රමාණයකට දායක වුනු නිහතමානි පුද්ගලයෙක්
  7. රූප රචනාත් අද දකින්න තියන ඒවට වැඩිය ගොඩක් වෙනස්..."හිස්තැන්" ගීතයේ ලොකු පරිවර්තනයක් දකින්න පුළුවන්. මේවා ඔබේ අදහස් ද?
             රූප රචනය ගැන කතා කරද්දී  මහසෙන් කලහේ අධ්‍යක්‍ෂක වරයා අැතුලු කන්ඩායම මතක් කරන්නම ඕන. ඉතා වෙනස්ම ආකාරයේ රූප රචනයක් සඳහා ඔවුන්  ඉතා වෙහෙසක් දරනවා. එත් එක්කම විශේෂයෙන් මතක් කලයුතු දෙපලක් ඉන්නවා. ඒ      සමන්ත කේ ගමගේ සහ මේධා ජයරත්න යන රංගන ශිල්පීන්. ඔවුන් දෙදෙනා අපට දක්වපු සහයෝගය ගැන කියන්න වචන නැහැ.
  8. කාගේද මේ female වොයිස් එක ?  
              අැය තමයී ලසඳුනී ජයවර්ධන. අැය දක්‍ෂ කලා පවුලකින් පැවත එන කෙනෙක්. ඇය රංගන ශිල්පියක් හා හඞකැවීම් ශිලිපිනියක් . අැය රංගන ශිල්පී ඩොමී ජයවර්ධනගේ මිනිපිරිය වගේම නිහාල් ජයවර්ධන නැමැති ගායන,රංගන හා හඞකැවීම් ශිල්පියාගේ      දියණිය.
 
  9. ඔබ යුග ගීත ගායනයට යොදාගන්නේ ඇය පමණ ද?
              මම එහෙම කියල එක්කෙනෙක්ම මගේ යුග ගායනාවලට යොදා ගන්නව අඩුයි. මං නිතරම යුග ගායන සඳහා නව හඞක් තමයි යොදාගන්න උත්සාහ කරන්නේ, මගේ අලුත්ම ගීතය " හිස්තැන් " වගේම  , අනිමිසයක​,  සහෘදයා, ඔරියන් හා ඉර කොච්චර දුරද  වගේ යුග ගීතයන්ට මා එකතුකරගත් කාන්තා හඞවල් එකිනෙකට වෙනස්.
 
 10. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ඔබේ ගීත ඇහෙනවා අඩුයි. මොකක්ද හේතුව ?
              ප්‍රධාන මාධ්‍ය තුල මගේ ගීත ප්‍රචාරයවී තිබෙනවා, නමුත් මේ දිනවලනම් ප්‍රචාරය වෙන්නේ නැතිතරම්. ප්‍රචාරය වුවත් එය ඉතා කලාතුරකින් සිදුවන දෙයක්. නමුත් සමාජ ජාල වල මටම වෙන්වුණු රසිකයන් පිරිසක් ඉන්නවා. ඒවා ප්‍රචාරය වෙන්නේ නැති හේතුවනම් මම දැනුවත් නැහැ​. ලංකාවේ මාධ්‍ය තුළ තියෙන්නේ  මාකටීකරණය වුණු කලා කෘති පමනක්ම ප්‍රචාරය කිරිමෙන් තමන්ගේ මඩි තරකරගැනිමක්‍. මගේ මේ ප්‍රයත්නය නම් හැමවෙලාවකම යම්කිසි පණිවිඩයක් සමාජගත කරන එක... 
  
 11. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ට තිබෙන ගැටළු මොනවද ?
              ලංකාවේ සංගීතය කරන කෙනෙකුට නම් අඩුපාඩු බොහෝමයි, තාක්‍ෂනික අඩුපාඩු බොහොමයක් තියනවා, අනෙක් අතින් ආර්ථික අපහසුතා. ඒ හැමදේකටම වඩා මේ මාධ්‍ය තුල වූ නිර්මාණ කලුකඩකරණය තුලින් නිර්මාණ කරුවා ඉතාමත් අපහසු තාවයට    පත්වෙලා තියෙන බවක් පේනවා. මුදල්  වලින් පමණක් නිර්මාණවල අගය තීරණය කරන එක තමයි ලොකුම ගැටලුව.
  12. ඔබට මේ ගමනට උදවු කරන්නේ කවුද ?
     මගේ ආදරණීය බිරිඳ සුපිපි ප්‍රබෝදිනි.. ඇය තමයි මගේ හයිය. මේ ඇරුනම මට වචනෙකින් හරි උදවු කල, මාව දිරිමත් කල හැමෝටම ස්තුති කරනවා.
 මේ ඔහු අප සමඟ දොඩමලු වූ ආකාරය. ඔහුගේ ගීතවල අපුර්ව රසය ගීතමය වගේම, අර්ථමය අතිනුත් ඉහලයි. මේ ඔහුගේ අලුත්ම ගීතය, " හිස්තැන් "
Rate this item
(6 votes)
Last modified on Monday, 05 June 2017 18:01