April 26, 2024

ප්‍රේක්ෂකයන්ගේ අප්‍රසාදයට පත් වූ රහල් චාට් ෂෝ එකෙන් අයින් වෙලා

රහල් අල්විස්ට ස්වර්ණවාහිනියේ චාට් ෂෝ එකක් කරද්දී ප්‍රේක්ෂිකාවක් අහපු ප්‍රශ්නෙකට කේන්ති ගිහින් පසුගිය 27 වැනිදා මහා විශාල කලබැගෑනියක් වුණා.

ඔහුට ඒ අවස්ථාවේ ඉවසීමක් නොමැතිකමින් ඔහු සියලුදෙනාගේම අප්‍රසාදයට පත් වී සිටියා, ඒ විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය ජාල වලින් ඔහුව විවේචනය කිරීමක් ද සිදු වුණා.

පසුව ඔහු සියල්ලන්ගෙන්ම සමව ගන්නා බව ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් දැම්මත් එයට ලැබුණු ප්‍රතිචාරත් ඒ තරම් හොඳ ඒවානම් නෙවෙයි.

මෙවැනි තත්වයක් තිබියදී පවා ඔහුට විශාල දෝෂාරෝපණයක් එල්ල වුණා.

නමුත් මේ සිදුවීම පිලිබඳ ස්වර්ණවාහිනී ආයතනය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් අතර දිගින් දිගටම වෙනත් චාට් ෂෝ වැඩසටහන් එම සතිය පුරාවටම ක්‍රියාත්මක කළා, ඒ වගේම රහල් අල්විස් ඊළඟ වැඩසටහනට පැමිණෙන බව ඔවුන් වෙනත් වැඩසටහන් අතරතුර දැනුම් දුන්නා.

පසුව මෙම සෙනසුරාදා එනම් ජුනි තුන් වැනි දින කාවින්ද්‍යාගේ සහ රහල්ගේ වැඩසටහන විකාශය වුණේ නැහැ, ඒ වෙනුවට ඔවුන් ටොප් ටෙන් සුපර් හිට්ස් වැඩසටහන විමර්ශන කටයුතු සඳහා නවත්වා ඇති බව පවසා සිටි අතර වෙනත් වැඩසටහනක් වුකාශය වුණා.

අවසානයේ දී රහල් පුවත් පතකට අදහස් දක්වමින් කියා සිට ඇත්තේ ඔහු එම වැඩසටහනෙන් ඉවත් වූ බවයි.

වැඩසටහන් ඉදිරිපත්න්කරනු ලබන නිවේදකයන්ට මනා පුහුණුවක් ලබා දීම හෝ පුහුණු පිරිසක් යොදා ගැනීමට මාධ්‍ය ක්‍රියා කලයුතු බවට විවිධ විචාරකයින් මෙම සිදුවීම පිලිබඳ අදහස් දක්වමින් කියා තිබුණා.

Rate this item
(0 votes)