April 27, 2024

සහනාධාර බෙදන අතරතුරේදී වූ හදිසි අනතුරකින් සඳුන් පෙරේරාගේ පාදයට දරුණු ලෙස තුවාලයි

දරුණු අනතුරකින් සඳුන් පෙරේරාගේ පාදය දැඩි ලෙස තුවාල වෙලා, ඔහු මේ අවුරුද්දේ අනතුරට පත්වූ දෙවැනි අවසථාව මේක.

ඔහු අනතුරට පත්වෙලා තියෙන්නේ ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහය වන අතරතුරේදී බවයි දැනගන්නට ලැබෙන්නේ,

ඔහු මේ නිසා කළුබෝවිල රෝහලට ඇතුලත් කර නේවාසික ප්‍රතිකාර ගැනීමෙන් පසු නිවසේ විවේක ගනිමින් ඉන්න බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඔහුට මෙම අනතුර සිදු වී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේදී බවත්, මෙය සිදු වී ඇත්තේ ඔහුගේ රථය තවත් රථයක ගැටීමෙන් බවත් දැනගන්නට ලැබෙනවා.

ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ ඔහුට තව සති 6ක් පමණ වනතුරු ප්‍රසංග වේදිකාවේ ගීත ගායන කිරීමට හැකියාවක් නොලැබෙන බවයි.

එම සටහන පහත දැක්වෙනවා..

Rate this item
(0 votes)