April 27, 2024

තම පාසල් පෙම්වතිය ඉදිරියේ බැනුම් අහපු සිසුවා ලැජ්ජාවට සියදිවි නසාගෙන

පාසල් ප්‍රේමය හරිම සුන්දර අත්දැකීමක් තමයි.

එත් ඉතින් පාසලේ දී පෙම් කරලා අහු උනොත් නම් දඬුවම් විඳින්නම වෙනවා.

ඉස්සර නම් එහෙම සිසුන්ට වේවැල් පාර කිහිපයක්ම කන්න වෙනවා. එත් මේ සියවසේ දරුවන්ට දෙමාපිය , ගුරුවර, වැඩිහිට අවවාදයක්වත් අහන්න තරම් ශක්තියක් නැහැ.

මේ කතාව අපිට ඇහෙන්නේ වවුනියාවෙන්. තමන්ගේ පාසල් ප්‍රේමය පාසලේ ගුරුවරයාට හසු වීමෙන් එම ගුරුවරයා අදාළ සිසුවාට බැන වැදී තිබෙන්නේ අයගේ පෙම්වතිය යැයි සැලකෙන සිසුවිය ඉදිරිපිටදීමයි.

එයට සිත් තැවුලට හා කනස්සල්ලට පත් ඔහු තමා පිළිබඳව අතිශය ලජ්ජාවට පත්වී නිවසට පැමිණ සිය දිවි නසාගෙන තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වවුනියාව කනගරයාන්කුලම් මහා විද්‍යාලයේ ධර්මරාසා ජනාර්ථන් නැමැති 17 හැවිරිදි සිසුවෙක් බවයි දැනගන්නට ලැබෙන්නේ. 

පොලිසිය මෙය සිය දිවි නසා ගැනීමක් බව තහවුරු කර ඇති අතර අදාළ ගුරුවරයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් කරන බව දැනගන්නට ලැබෙනවා.

Rate this item
(0 votes)