May 02, 2024

ප්‍රියංකා චොප්රා ඉන්දීය අගමැතිට කකුල් පෙන්නලා ( Photos )

ප්‍රියංකා චොප්රා කියන්නේ ඉන්දියාවේ බොහෝම ජනප්‍රිය නිලියක්.

ඒ වගේම ඇය පුවත් මවන්නියක් ද වෙනවා.

නමුත් මේ දිනවල ඇය පිලිබඳ සාමාන්‍ය ජනතාවට ඇති හොඳ හිත පලුදු වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. 

එයට හේතුවෙලා තියෙන්නේ, මෑත දිනකදී ඇය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී හමුවීමට කොට ගවුමකින් සැරසී යාම, එපමණක් නොවෙයි ඇය ඔහු හමුවේ දෙපා නිරාවරණය වන ලෙස හිඳගෙන තිබෙනවා.

එම ඡායාරුපයක් ඇය තම ෆේස්බුක් ගිණුමට එක කල මොහොතේ සිට යට ලැබෙන ප්‍රතිචාර නම් හොඳ නැහැ.

ඇය අගමැතිට කිසිම ගරුසරුවක් නැති ලෙස ක්‍රියා කර ඇති බවට සමාජ මාධ්‍ය පරිශීලකයන් දොස් නගන අතර ,එය ප්‍රධාන මාධ්‍යවල කතිකාවක් නිර්මාණය වන තරමටම දුර දිග ගිහින්.

නමුත් ඇය ඒ පිළිබඳව කිසිම දෙයක් කර නොමැති අතර සමාව ගැනීමක්ද කර නැහැ.

ඒ වෙනුවට ඇය කර ඇත්තේ තම මව සමඟ  දෙපා වීවෘතව සිටින ඡායාරූපයක් තම ගිණුමට එක් කිරීමයි.

ඒ පිලිබඳ බොහෝ පිරිසකගේ අප්‍රසාදය පල වී තිබුණු අතර, එහි උදෘතය ලෙස යොදා ඇත්තේ " Legs for Days " ලෙසයි.

බොහෝ මාධ්‍ය පවසන්නේ එම ක්‍රියාව ඇයගේ ජනප්‍රියතාවයට එතරම් උචිත නොවන බවයි.

Rate this item
(0 votes)