April 27, 2024

සචින්ගේ අලුත්ම රංගනයක් ඉදිරියේ දී

ඉන්දියාවෙන් බිහිවූ සුපිරිම පිතිකරුවා කවුද ඇහුවොත්, ඔබ අවිවාදෙන් කියාවි ඒ සචින් කියලා.

සචින් තෙන්ඩුල්කාර් කියන්නේ සුපිරි පිතිකරුවෙක්. ඒ විතරක් නෙවෙයි ඔහුට තියනවා හරි අපූරු පෙනුමක්, කාන්තාවන් විතරක් නෙවෙයි, පිරිමි පවා වසඟ වෙන.

අපේ රටෙත් ක්‍රීඩකයෝ ක්‍රිකට් විතරක් කරලා විශ්‍රාම යන්නේ නැහැ. ඉන්දියාවේත් එහෙම තමයි.

ලංකාවේ නම් බොහෝ ක්‍රිකට් තරු දේශපාලනේට පිවිසෙනවා.

එත් සචින් නම් ඊළඟට බලාගන්න පුළුවන් වෙන්නේ සිනමා නළුවෙක් විදියට.

James Erskin කියන සිනමා අධ්‍යක්ෂකගේ නවතම සිනමා පටයක ඔහු ප්‍රධාන චරිතයට පන පොවනවා.

සිනමා පටයේ නම තමයි, Sachin A Billion Dreams..... 

මෙම සිනමා පටය ලොව පුරා තිරගත වීමට නියමිතයි.

මෙහි මංගල දැක්ම 25 වෙනිදා මුම්බායි වල පැවැත්වුණු අතර ඒ සඳහා සිනමා නළුවන් බොහෝ දෙනෙක් සහභාගී වුණා. 

බොහෝ විචාරකයන් කියන්නේ මෙය වාර්තාගත සිනමා පටයක් වන බවයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 25 May 2017 19:39