April 26, 2024

සයිබර් ප්‍රහාරයෙන් බේරෙන්න නම්

 සයිබර් ප්‍රහාරය ගැන අපි දැනුවත් . එත් සයිබර් ප්‍රහාරයෙන් බේරෙන්න ඔබ දන්නේ නැහැ නේද තවමත්?

තවත් බරපතළ සයිබර් ප්‍රහාරයක් ඉතා ආසන්නයේදී ම එල්ලවිය හැකිබවට පරිගණක ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවනවා .

පසුගිය සිකුරාදා (මැයි 12) එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති දෙලක්‍ෂයකට අධික ප්‍රමාණයකට හානි පමුනවා ඇතිබව 'යූරෝපෝල්' පොලිසිය පවසනවා .

මෙවැනි සයිබර් ප්‍රහාර නිරන්තරයෙන් විවිධාකාර ක්‍රම ඔස්සේ එල්ලවිය හැකි බවත් ශ්‍රී ලංකාව ද ඊට ඉලක්ක විය හැකි බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත ප්‍රකාශ කළා .

  ඊට මුහුණදීම

    පරිගණකයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිසි කලට යාවත්කාලීන කර තබා ගැනීම.
    ප්‍රති වෛරස මෘදුකාංගයක් (Anti-Virus Software) පාවිච්චි කිරීම සහ එය යාවත්කාලීන කිරීම.
    සැකකටයුතු විද්‍යුත් තැපැල් පණිවිඩයක ඇති ඇමුණුම් (Attachments) විවෘත කිරීමෙන් වැළකී සිටීම.
    තම පරිගණකය සතු දත්තයන් බාහිර දෘඩ තැටියක (External Hard Drive) save කර තැබීම. (මෙය නිතරම පරිගණකයට සම්බන්ධකර තැබීමෙන් වළකින්න. පරිගණකය වෙත පැමිණෙන වෛරසයක් වයරය හරහා බාහිර දෘඩ තැටියට ද ඇතුළුවිය හැකියි.)
    විශ්වාසදායක සැපයුම් හරහා පමණක් තම පරිගණකයට අවශ්‍ය මෘදුකාංග බාගතකර ගැනීම
කල හැකියි .


මහජන සේවා අඩාලවීම වළක්වාගැනීම සඳහා රජයේ මෙන්ම පෞද්ගලික ආයතන ද මෙවැනි ආරක්‍ෂක විධික්‍රම අනුගමනය කළ යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත අවධාරණය කළා .

පසුගිය සිකුරාදා (මැයි 12) එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය යටතේ පවතින, එංගලන්තයේ රෝහල් 48ක සහ ස්කොට්ලන්තයේ රෝහල් 13ක සේවා අඩාල වුණා .

එවැනි සයිබර් ප්‍රහාරයක් නව විධික්‍රම ඔස්සේ නැවතත් ඕනෑම අවස්ථාවක එල්ලවිය හැකි බවට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවනවා .

Rate this item
(3 votes)