May 08, 2024

සයිබර් ප්‍රහාරයේ වගකීම උතුරු කොරියාවට

මේ වනවිට බුකියේ වැඩිවශයෙන් කතාවට ලක්වෙන්නේ සයිබර් ප්‍රහාරය පිළිබඳවයි. එමෙන්ම සෑම මාධ්‍යයක්ම එහි ඇති ගැටලුකාරී ස්වභාවය හා ඒ නිසා රටවල් හා අභ්‍යන්තරික දේශපාලනික තතවයට සිදුවන බලපෑම පිළිබඳව විවිධ අදහස් පලකරනවා.

රටවල් 150 කට පසුගිය දා සයිබර් ප්‍රහාරයක්‌ එල්ල වුණා,    පසුගිය කාලය පුරාම මාධ්‍යවල සාකච්ඡා වුයේ මෙය සිදුකරන්නේ කුමන රටක කුමන ජන කණ්ඩායමක් විසින් ද නොදන්නා බවයි... ජාත්‍යන්තර මාධ්‍ය මෙයට විසදුමක් ලබා දී තිබෙනවා.  ඔවුන් මත පලකරනවා මෙය උතුරු කොරියාවෙන් සිදු කරවුවක් බව.

 

අහල තියනවද Lazarus group ගැන? ඒ කණ්ඩායම ගැන අහල තියනවනම් ඒ ආරංචි ඒ තරම් යහපත් ඒවා වෙන්න බැහැ. එහෙනම් අහගන්නකෝ එයාලගේ වාර්තා...මෙම ලාසරස්‌ ගෲප් කණ්‌ඩායම ක්‍රියාත්මක වන්නේ උතුරු කොරියාවේ පියොන්සාන් නගරයේ බවද වාර්තා වනවා.

 

2014 දී Lazarus group නම් සංවිධානය සුප්‍රකට සෝනි පික්‌චර්ස්‌ සමාගමේ පරිගණක පද්ධතිය අක්‍රීය කර ඇත.

බංගලදේශයේ මහ බැංකුවේ ඩොලර් මිලියන 81 ක මුදල් වංචාව සිදුකර ඇත්තේද ලාසරස්‌ ගෲප් කණ්‌ඩායම බව සැක කර තිබෙනවා.

 

මෙම සයිබර් ප්‍රහාරය එල්ල කළ ලාසරස්‌ ගෲප් නැමැති කණ්‌ඩායම උතුරු කොරියාවට සම්බන්ධ බවයි පැවසෙන්නේ.

මෘදුකාංග නිපදවන සිටැන්මන් සහ කැස්‌පර්ස්‌කි සමාගම පවසන්නේ ලාසරස්‌ ගෲප් කණ්‌ඩායම ගැන විමර්ශනයක්‌ අරඹා ඇති බවයි. 

මෙම රැන්සම්වෙයාර් නැමැති වෛරසය පරිගණක පද්ධතිවලට එවා ඇති කණ්‌ඩායම එය ඉවත් කිරීමට කප්පම් ඉල්ලා තිබෙනවා.

 

 

Rate this item
(2 votes)