May 04, 2024

කොරියාවෙන් එක පිට එක මිසයිල අත්හදාබැලීම්

උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන රටක්.

මැයි 14 අත්හදා බැලූ මිසයිලය, න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහිත යුද ශීර්ෂයක් ගෙන යා හැකි නව වර්ගයක මිසයිලයක් බව උතුරු කොරියාව පවසනවා.

කිලෝ මීටර 2000ක් ඉහළට විද ඇති මෙම මිසයිලය කිලෝ මීටර 700ක් දුරගෙවා ජපන් මුහුදේ බටහිර කලාපයට පතිතවී තිබෙන බව සඳහන් වෙනවා.

මෙය "අලුතින් සංවර්ධනය කරන ලද බැලිස්ටික් රොකට්ටුවක" බලය අත්හදා බැලීමක් බවත් එය සැලසුම්කළ පරිදි සාර්ථක වූ බවත් උතුරු කොරියාව අද ප්‍රකාශ කළා.

දකුණු කොරියාව කියා සිටින්නේ මේ බව තවමත් තහවුරු වී නොමැති බවය.

කෙසේ නමුත් උතුරු කොරියාව ඊයේ අත්හදා බැලූ මිසයිලය පෘථිවි වාතලයෙන් එපිට ගොස් නැවත වාතලයට ඇතුළුවීමේ හැකියාව සහිත මිසයිලයක් විය හැකි බවට පෙනෙන්නට ඇතැයි දකුණු කොරියාවේ යෝන්හැප් පුවත් සේවය වාර්තා කළා.

එම හැකියාව, අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල (ICBM) සංවර්ධනය කිරීමෙහි ලා අතිශය වැදගත් නිර්නායකයක් වනු ඇති බව විචාරකයින් පවසනවා.

Rate this item
(3 votes)