May 05, 2024

එවරස්ට් කන්දෙන් ලෝක වාර්තා පොතට එක් වූ ලඛ්පා

ලංකාවේ අපි හරිම භක්තියෙන් සිරීපාදේ යනවා. වාරෙට අවාරෙට දෙකටම...

ඒ විතරක් නෙවෙයි, තමන් සිරී පාදේ ගිය වාර ගැන ගැන උදම් අනනවා.

මේ කියන්න යන්නේ සිරීපාදේ ගමනක් ගැන නම් නෙවෙයි. ඉන්දියාවේ එවරස්ට් කන්ද තරණය කළ කෙනෙක් ගැන. එයා කාන්තාවක්.

ඇය එවරස්ට් කන්ද අට වතාවක් තරණය කරලා. ලේසි නෑ නේද වැඩේ? 

ඒ විතරක් නෙවෙයි, ඇය තමයි එවරස්ට් කන්ද අට වතාවක් තරණය කළ ප්‍රථම කාන්තාව.

ඇය 44 වැනි වියේ පසුවෙනවා. ඇගේ නම ලඛ්පා ෂාර්පා.

නේපාලයේ උපත ලද ඇය දැනට ජීවත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ.

නේපාලයේ වෙලාවෙන් 13 දින උදෑසන ඇය එවරස්ට් කන්ද 8 වෙනි වතාවට තරණය කරලා, එය තහවුරු කරලා තියෙන්නේ ඇගේ සහෝදරයෙක් විසින්. රේඩියෝ තාක්ෂනය මගින් ඔහු ඇය සමග තොරතුරු හුවමාරු කරගෙන කියලා වාර්තා වෙනවා.

 

 

Rate this item
(1 Vote)